Thursday, May 31, 2012

වාහන නිෂ්පාදන නාමයන් හදුනාගනිමු --02


අද අපි කියන්න යන්නේ Mercedes benz ගැන  



මේ ඉන්නේ Karl Benz මහත්තයා
Mercedes benz කියපු ගමන් මතක් වෙන්නේ Karl Benz නේද
Karl Benz [11-25-1844 ; 4 - 4 -1929] කිව්වහම තව එකදෙයක් මතක් වෙන්න ඕනේ ඒ තමයි ලෝකේ පළවෙනිම කාර් එක.
මේ තියෙන්නේ Karl Benz මහත්තයගේ වාහනේ
 1879 දී තමයි අබ්යන්තර දහන පෙට්‍රල් එන්ජිමක්  Karl Benz මහත්තය හදලතියෙන්නේ.ඊ ට පස්සේ ඒ කියන්නේ 1886 දී තමයි මෙම එන්ජිම බාවිතා කරලා ලොව ප්‍රථම අබ්යන්තර දහන පෙට්‍රල් එන්ජිමක් සහිත  කාර් එක හදල පේටන්ට් බල පත්‍රය අරගෙන තියෙන්නේ.හැබැයි මේකේ රෝද තුනයි. Mercedes benz සමාගමේ  ආරම්බය 1886 කියලතමයි සදහන් වෙන්නේ ඒ උනාට1926 දී තමයි මුල්ම වාහනය නිපදවලතියේන්නේ  Mercedes benzවෙළද නාමයෙන්  ඒ කියන්නේ  1886 ආරම්බවෙලා 1926 වෙනකම් Daimler-Benz වෙළද නාමයෙන් තමයි වාහනනිපදවලතියේන්නේ. Stuttgart, Germany නගරයෙහි තමයි මෙම ආයතනයේ මුලස්ථානය පිහිටුවා තියෙන්නේ.මෙම වර්තමාන Mercedes benz ආරම්බයේ Gottlieb Daimler මහත්තයත් සම්මාදම් වෙලාතියෙනවා.එකනේ Daimler-Benz නම  බාවිතා කරල තියෙන්නේ.Daimler Motoren Gesellschaft.තමයි Gottlieb Daimler මහත්තයාගේ සමාගම.මේ සමාගමේත් කොටස් කරුවෝ ගොඩක් ඉදලතියෙනවා.Mercedes  benz ලෙස නම යොදාගෙන තියෙන්නේ 1926 ඉදලකිව්වනේ,ඒ කියන්නේ Karl Benz මහත්තයාගේ පැත්තෙන් Benz ලෙසද Daimler Motoren Gesellschaft සමාගම Mercedes ලෙසද සම්මාදම් වී තමයි අද පවතින Mercedes benz නාමය 1926 සිට බාවිතා කරන්න.Emil Jellinek කියන්නේ Daimler Motoren Gesellschaft  සමාගමේ ප්‍රධාන කොටස් අයිතිකරුවා.මෙයාගේ දුව තමයි  Mercédès Adrienne Manuela Ramona Jellinek,  (9 -16-1889 – 2 - 23-1929) ඒ යාගේ පලවෙනි දුව සහ ඒයා දුවට ගොඩක් ආදරේ නිසා Mercedesලෙස නම යෝජනා කරලතියෙනවා .Mercedes කියන ඒකේ තේරුම තමයි Spanish භෂාවෙන් තෑග්ග එම සමාගම කාර්,බස්, ලොරි,වැන්,හමුදා වාහන වගේ ගොඩක් වර්ග නිපදවනවා.එම සමාගම තමයි airbags  /A B S වගේ ගොඩක් තාක්ෂණික දේවල් ඒ ගොල්ලන්ගේ රථ වලට මුලින්ම යොදාගත්තේ.
Gottlieb Daimler
Emil Jellinek


Mercédès Adrienne Manuela Ramona Jellinek












මේ ලිපි පෙල හොදයි කියලා හිතෙනවා නම් මිතුරන් එක්කත් බෙදා හදා ගන්න. ඔබේ ප්‍රතිචාරත් අපට ශක්තියක් වේවි...Mechanic34@ymail.com

No comments:

Post a Comment