Thursday, May 31, 2012

රථ ගාය -3 ඉන්ටර්කූලර් ගැන දැනගනිමු

රථ ගාය -3 ඉන්ටර්කූලර් ගැන දැනගනිමු


අද මම කතාකරන්නේ ඉන්ටර්කූලර් ගැන , මීට පෙර අපි වාහනවල මේ ටර්බෝ සහ සුපර්චාජර් ගැන කතා කලා. ඇත්තටම මේ ලිපි තුනම එකිනෙකට සම්බන්ධයි. සමහර විට මුල පෙර ලිපි දෙක බැලුවේ නැත්නම් මේ ලිපිය පොඩ්ඩක් තේරුම් ගන්න අමාරු වෙන්න පුලුවන්.ඉන්ටර්කූලර් ගැන ඉතිහාසය...
ඉන්ටර්කූලර් මුලින්ම යොදාගෙන තියෙන්නේ ගුවන් යානාවල භාවිතයට.ගොඩාක්ම ජවාධික යුද ගුවන් යානාවලට ඉන්ටර්කූලර් යොදාගෙන තියෙනවා.
1930-1940 අතර කාලවලදි ගැරට් සමාගම B-17 ගුවන් යානාවලට ඉන්ටර්කූලර් (or after-cooler) සවි කරල තියෙනවා..
ක්‍රියාකාරිත්වය...
සරලව මේ කතන්දරේ පැහැදිලි කරනවානම් , ඉන්ටර්කූලර් එකේන් කරන්නේ , එන්ජිම තුලට යන දහන පෝශක වායුව සිසිල් කරන එක.තව කියනවා නම් ටර්බෝචාජර් එකක් හරි සුපර්චාජර්
එකක් හරි තුලින් එන්ජිමට එන වාතය සෑහෙන ප්‍රමානයකට රත් වෙනවා.මේ රත් විම එන්ජිමට හරිම අවාසිදායකයි .සිව් පහර එන්ජිමක් මගින් මේ දේ පැහැදිලි කරමු.
සිව් පහර (4 Stroke) එන්ජිමක පහරවල් 4
1. චූශන පහර (intake stroke)
2.සම්පීඩන පහර (compression stroke)
3.බල පහර (combustion /ignition stroke)
4.පිටාර පහර (exhaust stroke)
උඩ කතා කරලා තියෙන බල පහර තමා මෙතන මූලික වෙන්නේ ,හොද බල පහරක් ලබා ගන්න , වැඩි දහන වායූ ප්‍රමානයක් එන්ජිමට ඇතුල් කරන්න පුලුවන් . මේ සදහා භාවිතා වෙන්නේ  ටර්බෝ එකයි , සුපර්චාජරයයි කියලා මම කලින් ලිපි දෙකේ කිව්වා.

නමුත් අපි මේ ඇතුල් කරන වායුව අධික සම්පීඩනය නිසා රත් වෙනවා. මේ රත් වෙච්ච වායුව නිසා අපිට එන්ජිම ඇතුලේ නිසියාකාරව බල පහර ලබා ගන්න බැහැ. වායුවක් රත් වෙන තරමට ඒකක පරිමාවක තියන්න පුලුවන් වායු අණු ගනන අඩු වෙනවා , කොටින්ම කියනවා නම් එන්ජිමට ඇතුල් වෙන වායු ප්‍රමානය අඩු වීමකට ලක් වෙනවා.. තවත් අවුලක් තමයි පිස්ටන් එකේන් වායුව සම්පින්ඩනය කරන්න කලින් වායුව රත් වෙලා ඉවරයි. ඒ නිසා "ක්නොක්" (knock) තත්වයක් ඇති වෙන්න පුලුවන් . ඒ කිව්වේ අනපේක්ශිත ලෙස දහනයක් සිලින්ඩරය ඇතුලේ වෙන්න පුලුවන්.
     මේ දේ වලක්වන්න තමා ඉන්ටර්කූලර් එක වැදගත් වෙන්නේ. ඒ කියන්නේ ඒ වායුව සිසිල් කරන්න , හරියටම වාහනේ රේඩියටරය වගේමයි.නමුත් සමහර වාහන වල ටර්බෝ එක විතරක් ආපු අවස්ථාත් තිබුනා. හරියට පලාත් සභා පැජරෝ එක වගේ , ඇත්තටම ඒ වාහනවල ටර්බෝ එක යොදා ගැනිමේ නියම වාසිය ගන්න අමාරුයි.
ඉන්ටර්කූලර් වර්ග තුනක් තියෙනවා....
1. එන්ජිමට ඉදිරියෙන් සවිවන වර්ගය... Front Mounted InterCoolers (FMIC)
2. එන්ජිමට ඉහලින් සවිවන වර්ගය... Top Mounted InterCoolers (TMIC)
3. එන්ජිමට පැත්තේන් සවිවන වර්ගය... Side Mounted InterCoolers (SMIC)
1.එන්ජිමට ඉදිරියෙන් සවිවන වර්ගය... Front Mounted InterCoolers (FMIC)
මේ වර්ගය හරියටම එන්ජිමේ රේඩියටරයට ඉදිරියෙන් තමා සවි කරන්නේ...
මේ වර්ගය භාවිතා කරනු ලබන වාහන තමා Nissan Skyline, Mazda MX-6, Mitsubishi Lancer Evolution, Saab, Volvo 200 Series


2.එන්ජිමට ඉහලින් සවිවන වර්ගය...Top Mounted InterCoolers (TMIC)
මේ වර්ගය යොදන වාහන වල එන්ජින් හුඩ් එකේ ස්කූප් එකක් දකින්න පුලුවන් , වාතය මගින් ඉන්ටර්කූලර් එක සිසිල් කරන නිසා..(සුබාරු wrx/sti) මේ වර්ගය භාවිතා කරනු ලබන වාහන තමා
Subaru Impreza WRX, MINI Cooper S, Toyota Celica GT-Four, Nissan Pulsar GTI-R,  Mazdaspeed3, Mazdaspeed6,
3.එන්ජිමට පැත්තේන් සවිවන වර්ගය...Side Mounted InterCoolers(SMIC)
මේ වර්ගය භාවිතා වෙන වාහන
Toyota Supra (JZA80), Nissan 300ZX Twin Turbo, Nissan 200SX (S13/14/14a/15), 
Mitsubishi 3000gt, Saab 900, Volkswagen, Audi TT, Mitsubishi Eclipse


ඉන්ටර්කූලර් වායුව එකක සිසිල් කරන්න භාවිතා කරන ක්‍රම දෙකක් තියෙනවා..
එකක් තමයි පිටත පරිසරයේ එන වායුව මගින් සිසිල් (Air to Air)කරන එක , ඒකට තමා ඉන්ටර් කූලර් එක සවිවෙන තැන් පිටත පරිසරයට විවරයක් තියෙන්නේ..
Air to Air
අනික් ක්‍රමය තමා ජලය භාවිතා කරන එක (Air to Liquid) , මේ ක්‍රමය ගොඩාක් යොදා ගන්නවා රැලි ධාවනය වෙන මෝටර් රථවල, මේ පද්ධතිය ස්වයන්ක්‍රීය වෙන්නත් පුලුවන් නැත්නම් මැනුවල් වෙන්නත් පුලුවන්.මම ලිපි තුනක එකතුවක් විදියට තමා මේ දේවල් කතා කලේ , ටර්බෝ ,සුපර්චාජර් ගැන දන්නේ නැතුව ඉන්ටර්කූලර් ගැන දැනගන්න බැහැ, ඒ නිසා මම ඒ දේවල් මුලදීම කතා කලා...
මේ ලිපි එකතුවේ අවසානය තමා මේ... වේලාව තියෙන හැටියට තවත් මේ වගේ දේවල් ගැන කතා කරමු...

කියවලා බලලා ඔබේ අදහසුත් දීලා යන්න.
තව එක දෙයක් කියන්න ඕනේ මේ POST එකේ අයිතිය [ටෙක්නිකල් හංදිය http://tech-handiya.com] සතුයි. උපුල් අයියට THANKS  කියන්න ඕනේ එකට. තව විස්තර විතරක් නෙමේ තාර්ක්ෂණික දේ දැනගන්න [ටෙක්නිකල් හංදිය http://tech-handiya.com]බ්ලොග් අඩවියට පිවිසෙන්න .ලියුවේ- මහීලාල් පීරිස්

No comments:

Post a Comment