Friday, October 10, 2014

''ජෙට් එන්ජිම'' ගැන ඔබ නොදත් තොරතුරු -1

''ජෙට් එන්ජිම කිව්වහම ඇත්තටම අපේ හිතට එන්නේ මොනවගේ දෙයක්ද..?.''


නවීන ටර්බෝ ෆෑන් ජෙට් එන්ජිම 

 පිරිසක් කියයි ගුවන් යානාවල තියෙන එන්ජින් කියල, තවත් අය කියයි හදට යන එම යානාවල තියෙන එන්ජින් කියල,තවත් පිරිසක් කියයි කෆීර් යානා වල තියෙන්නේ ජෙට් එන්ජින් එහෙත් සාමාන්‍ය ගුවන් යානා වල තියෙන්නේ වෙන එන්ජින් කියල. මෙතනින් ඇත්තටම කව්ද හරි..? ඇත්තටම මොකද්ද මේ ජෙට් එන්ජිම..?.මේ ඔක්කොටම හොද පිළිතුරක් තමයි මෙම එජින්  ක්‍රියාකාරීත්වය පිළිබද මුලික දැනුමක් ලබාගැනීම.එවිට මේ සියල්ල ඉබේම නිරාකරණය කර ගැනීමට ඔබට පුලුවන.



  •      ''ඇත්තටම මොකද්ද මේ ජෙට් එන්ජිම..?"
                                        

''ජෙට් එන්ජිමක් යනු නිව්ටන්ගේ චලිතය පිළිබඳ තෙවැනි නියමයට අනුව තෙරපුම ජනනය කිරීමට වේගයෙන් චලනය වන තරල ක්ෂේපයක් මුදාහරින ප්‍රතික්‍රියා එන්ජිමකි''


                             ශ්‍රීමත් අයිසැක් නිව්ටන් [1642-1726]නම් ඉංග්‍රීසි ජාතික ගණිතඥයා විසින් 1687 දී චලිතය පිළිබද නියම තුනක් ලොවට  ඉදිරිපත්  කරන ලදී.ඔහු විසින් ඉදිරිපත්කල තුන් වන නියමය නම් ''සෑම ක්‍රියාවකටම සමාන හා ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇත''එම නියමය සනාථ  කරමින්  එන්ජිමට ඉදිරිපසින් ඇති තලබබරය [FAN] මගින් අවට වායුගෝලීය වාතය එන්ජිමතුලට ඇදගනුලබයි,ඉන් අනතුරුව ප්‍රාථමික  පිඩකය [ LOW PRESSURE COMPRESSOR]  හරහා ගමන් කර ද්විතීයික පිඩකය[HIGH PRESSURE COMPRESSOR]හරහා ද   ගමන් කිරීම මගින් තව දුරටත් අධි පිඩනයකට  බාජනය වෙයි,ඉන් අනතුරුව දහනකුටිරය තුල දී  ඉන්දන සමග එක් වීම නිසා තවදුරටත් අධි පිඩනයට පත් වු වාතය නැවතත් පිළිවෙලින් ප්‍රාථමික,ද්විතීයික පිඩක හරහා ගමන් කර අධි පීඩනය යටතේ පිටාර දොරටුව හරහා නැවත වායු ගෝලයට එක්වෙයි. එලෙස රෝල්ස්රොයිස් සමාගම විසින් නිපදවා ඇති ''TRENT 900'' එන්ජිම මගින් ඇතිකරන තෙරපුම 84,000 LBFපමණ වෙයි.එලෙස එන්ජිම මගින් ඇතිකරන තෙරපුමට ප්‍රති විරුධව ලැබෙන බලය මගින් මෙවැනි එන්ජින් 4 කින් සමන් විත ටොන්560 පමණ උපරිම බරකින් යුතු A380 ගුවන් යානය දළ වශයෙන් පැයට කිලෝමීටර 280 පමණ වේගයකින්  උඩුගුවනට ගෙනයයි.  එලෙසම ජෙට් එන්ජ්ම  බ්‍රෙටන් චක්‍රය නම් උ මුලධර්මය මත ක්‍රියාකරන එන්ජිමක් ලෙසද  අර්තදක්වයි. බ්‍රෙටන් චක්‍රය යනු  විවෘත පද්ධතියක ක්‍රියාකරන නියත පීඩන චක්‍රයකි.ඇමෙරිකානු ඉංජිනේරුවරයෙකු වූ ජෝජ් බ්‍රේටන්ට (1830 – 1892) මෙම මුලධර්මය ඉදිරිපත් කරන ලදී.එමගින් ජෙට් එන්ජිම තුලින් ගමන් කරන තරල ධාරාවෙහි ස්වබාවය විශ්ලේෂණය කරයි. 

එලෙසම                                              
  • ජෙට් එන්ජිමේ ඉතිහාසය  

                     තල බඹරය

මෙම එන්ජින් ලොවට හදුන් වැදීමට පෙර ගෑස් ටර්බයින් නැතහොත් [GAS TURBINE]  ''තල බඹරය''  බාවිතයේ තිබුණි.ටර්බයිනයක් යනු තරල ප්‍රවාහයකින් ශක්තිය උකහාගෙන එය ඵලදායක කාර්යය බවට  පරිවර්තනය කරන භ්‍රමණ යන්ත්‍රයකි.විවිධ අවදි වලදී නර්මාණ කරුවන් විසින් විවිධ ටර්බයින නිපද උවද වර්තමාන ට්‍ර්බයිනයට සමාන හා සාර්ථක සුවිශේෂී නිර්මාණ කිහිපයකි.1791 දී JOHN BARBR [1734-1801] නම් බ්‍රතාන්‍ය ජාතික ඉංජිනේරුවකු ඔහු විසින් නිර්මාණය කරන ලද ටර්බයිනය සදහා පේටන්ට් බලපත්‍රයක් ලබාගෙන ඇත.ඔහුවිසින් සාදනලද ටර්බයිනය වර්තමාන ට්‍ර්බයිනයට බෙහෙවින් සමාන බව පැවසෙයි.ඉන් අනතුරුව1903 දී නෝවීජියානු පර්යේෂකයකු විසින්Ægidius Elling[1861-1949]ඉතා සාර්ථක ටර්බයිනයක් නිපදවා ඇත.එවකට බිහිවූ කාර්යක්‍ෂමතාවය ඉහලම ටර්බයිනය මෙය ලෙස සැලකේ.1930 දී SIR FRANK WHITTLE[1907-1996] නම් බ්‍රතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ ඉංජිනේරුවකු විසින් ප්‍රථම ජෙට් එන්ජිම සදහා 1932 දී බ්‍රතාන්‍යහි පේටන්ට් බල පත්‍රය ලබාගෙන ඇත.කෙසේ වෙතත් මෙම එන්ජිම සාර්ථකව දහවනය කර ඇත්තේ 1937 දිය.මෙම එන්ජිම වර්තමාන ජෙට් එන්ජිමට වඩා තරමක් දුරට වෙනසක් ඇත.මොහු විසින් නිර්මාණය කරන ලද එන්ජිමේ විශේෂ වෙනස නම් කේන්ද්‍රපසාරී පිඩකයක් [centrifugal compressor] හා බාහිරව පිහිටා ඇති දහන කුටීරයයි.

        SIR FRANK WHITTLE ගේ එන්ජිම 

රෝල්රෝයිස් සමාගම මගින් නිපදවූ  Nene එන්ජිම


FRANK WHITTLE මහතාගේ මුලිකත්වයෙන් රෝල්රෝයිස් සමාගම විසින් එම එන්ජින් නිපද වීමට මුල පුරා ඇති අතර,මෙම පහතින් ඇති එනිජිම තුන් වන පරපුරට අයත් නැනේ එන්ජිමයි. [Welland ,Derwent,Nene] මෙම පහත රුපයේ දැක් වෙන ආකාරයට කේන්ද්‍රපසාරී පිඩකයක් [centrifugal compressor]මගින් අවට වායු ගෝලීය වාතය එනිජිම තුලට ඇදගනුලබන අතර එලෙසම එම වාතය දහන කුටීරය තුලට තල්ලු කරයි.පසුව දහනකුටිරයේ දී ඉන්දන සමග මිශ්‍ර වී   තලබඹරය[GAS TURBINE]හරහා වාතයට මුදා හැරෙයි.මෙහි කේන්ද්‍රපසාරී පිඩකය මගින් එතරම් වතය පීඩනය නොවීම එම පීඩන වාතය දහන කුටීරය දැක්වා ගෙනයන මාර්ගය දිගින් සහ වැඩි හැරවුම් සහිත මාර්ගයක් වීම නිසා මෙම එන්ජිමේ කාර්යක්‍ෂමතාවය අඩු වීමට බල පා ඇත.මුල් කාලයේදී මෙම එන්ජින් මුලදර්මය අනුව එන්ජින් කිහිපයක් නිපද උවද පසුව එය නවතන ලදී.ඊට මුලික හේතුව ලෙස සම කාලිනවම එනම් FRANK WHITTLE මහතා ගේ එන්ජිම නිපදවූ අවදිය තුල දී ජර්මනියේ විසු HANS VON OHAIN [1911-1998]නම් ඉංජිනේරුවකු විසින් 1935දී ඔහු විසින් නිපද වන ලද ජෙට් එන්ජිමට ජර්මනියේදී පේටන්ට් බලපත්‍රය ලබාගන්නා
HANS VON OHAIN ගේ එන්ජිම

ලදී.මෙම දෙදෙනා තනිවම තම නිර්මාණ නිපද වා ඇති, අතර පසු කාලයේදී එකින්නෙකාගේ නිර්මාණ පිළිබද දැනගෙන ඇත. මන්ද එවකට සන්නිවේදනය එතරම් පුලුල් නොවීම හා ලෝක යුද්ධ සමය උ බැවිනි.කෙසේ වෙතත්HANS VON OHAIN විසින් නිපදවන ලද එන්ජිමFRANK WHITTLEගේ එන්ජිම අතර ලොකු වෙනසක් ඇත.මෙම එන්ජිම නුතන ජෙට් එන්ජිමට බෙහෙවින් සමානය.එනම් AXIAL COMPRESSOR බාවිතා කිරිම හා දහන කුටීරය වාතය ගමන් කරන මාර්ගයේ නිර්මාණය කිරීමයි.                                                                                                                                        

HANS VON OHAIN [1911-1998]

       SIR FRANK WHITTLE[1907-1996] 








  • ජෙට් එන්ජින් වර්ග

මේවන විට ජෙට් එන්ජින් වර්ග විසාල ප්‍රමාණයක් නිපදවා ඇත. විවිධ අවශ්‍යතාවයන් සදහා එම එන්ජින් යොදා ගනී.පහත සටහන අනුව මුලික ජෙට් එන්ජින් වර්ග කෙරේ.ජෙට් එන්ජින්TURBO JET, TURBO PROP, TURBO SHAFT, TURBO FAN, UNDUCTED PROP FAN, DUCTED FAN ENGINES ලෙස මුලික වශයෙන් සය ආකාරයකට වර්ග කල හැක.එහිTURBO FAN නම් වර්ගය වර්තමානයේ බෙහෙවින් ජනප්‍රිය සහ බහුලව බාවිතා වන වර්ගයකි.TURBO FAN එන්ජින් තවත් වර්ග ගණනාවක් නිපදවා ඇති අතර ඒ  පිළිබද දෙවන සටහනින් දකවා ඇත. ඉහත සදහන් කල සියලුම ජෙට් එන්ජින් නිර්මාණයන්ට මුලික ව ඇත්තේ TURBOJET එන්ජ්න් සංකල්පයයි.මෙම TURBOJET එන්ජිම විවිධ අමතර පද්ධති එක් කොට සහ විවිධ වෙනස්කම් වලට බජනය වී ඇත.ප්‍රථමයෙන් මෙම සියලුම එන්ජින් වර්ගයන්ට මුලික උ TURBOJET එන්ජ්මක් ක්‍රියාකරන ආකාරය අවබෝධය ලබාගෙන ඉන් පසු අනිත් ඒවායෙහි ඇති වෙනස්කම් බලමු.ඉන් පසු  ජෙට් එන්ජින් වලට සවි කරන උපකරණයක් නැතහොත් අමතර පද්ධතියක් වන AFTERBURNERS  පිළිබද මුලික අවබෝදය ලබාගෙන පහත සටහනට යොමු වෙමු.       



  • TURBOJET ENGINE-ටර්බෝ ජෙට් එන්ජිම


මුලින්ම ටර්බෝ ජෙට් එන්ජිමක ක්‍රියාකාරීත්වය හා කොටස් පිළිබද අවබෝදය ලබා ගනිමු.අවට වායුගෝලීය වාතය ජෙට් එන්ජිමට ඇතුලු වන්නේ වා විවරය AIR INTAKE මගිනි,මෙම වා විවරය ගුවන්යානා හා ජෙට් එන්ජින් නිෂ්පාදනයේදී ඉතා වැදගත් අංගයක් වෙයි.මන්ද එය එම යානයේ හෝ එන්ජිමේ  කාර්යක්‍ෂමතාවයට ඍජුවම බලපාන බැවිනි.විවිධ ගුවන් යානා වල විවිධ හැඩයන්ගෙන් යුත් වා විවර දැකිය හැක.විශේෂයෙන්ම ශබ්දයේ වේගය අබිබවා යන ගුවන්යානා වල වා විවරය මගින් ඇති කරන බලපෑම අති විශාලය.මෙලෙස වා විවරය තුලින් ඇතුළුවන වාතය ප්‍රථමයෙන්  මුණ ගැසෙන්නේ අඩු පීඩන පිඩකයයි. LOW PRESSURE COMPRESSOR ඉහත රුපයේ AXIAL COMPRESSOR ගණයට අයත් පිඩකයන් යොදාගෙන ඇත.

  • අඩු පීඩන පිඩකය- LOW PRESSURE COMPRESSOR  
 මෙලෙස වා විවරය මගින් ඇතුළුවන වාතය අඩු පීඩන පිඩකය මගින් එන්ජිම තුලට තෙරපාහරි.තව ආකාරයකින් කියනවානම් අවට වායුගෝලීය වාතය එන්ජිම තුලට ඇදගැනීම මෙම කොටසින් සිදු කරයි.විවිධ එන්ජින් නිර්මාණයන් අනුව මෙම පිඩකය ස්ථර කිහිපයකින් යුක්තය.ඉහත රුපයේ ස්ථර තුනකින් යුත් AXIAL COMPRESSOR ගණයට අයත් අඩු පීඩන පිඩකයක් දැකිය හැක.උදාහරණයක් ලෙස ගතහොත් කොන්කෝඩ් ගුවන් යානයේ සවිකර ඇති රෝල් රොයිස් සමාගමේ නිෂ්පාදිත OLYMPUS 593 ජෙට් එන්ජිමේ LOW PRESSURE COMPRESSOR ස්ථර හතකින් සමන් විතයි.

  • අධි පීඩන පිඩකය -HIGH PRESSURE COMPRESSOR   

LOW PRESSURE COMPRESSOR මගින් තෙරපීමට බජනය වන වාතය මෙමගින් තව දුරටත් තෙරපීමට ලක් කොට දහන කුටීරය වෙත යොමු කරයි.OLYMPUS 593 ජෙට් එන්ජිමේ HIGH PRESSURE COMPRESSOR ස්ථර හතකින් සමන් විතයි.  OLYMPUS 593 එන්ජිමේ මෙම පිඩක දෙක මගින් 15.5 :1 අනුපාථයට  වාතය පිඩනයට ලක්  කරයි.එහිදී එම වාතයෙහි උෂ්ණත්වය ද ඉහල යයි. මෙලෙස ඉහල යන උෂ්ණත්වය දල වශයෙන් සෙල්සියස් අංශක450පමණ වෙයි.එලෙස අධි පීඩනය උ වාතය ෆෙයිම් හොල්ඩරය පසු කර දහන කුටීරය වෙත පිවිසෙයි.

  • දහන කුටීරය-COMBUSTION CHAMBER


  ෆ්ලේයිම් හොල්ඩරය පසු කර දහන කුටීරය වෙත පිවිසෙන වාතයට ඉන්දන විදීම සිදුවන අතර ඒ සමගම ඉන්දන දහනය නිසා එම වාතයෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 1700 පමණ අගයකට ඉහල යයි. මෙලෙස ඉන්දන සමග වාතය මිශ්‍ර වීම හා දහනය සිදුවන්නේ  මෙම දහන කුටිර්ය තුලදීය.දහන කුටීරය මෙම පලවන රුපය මගින් දැක් වෙන අතර දෙවන රුපය මගින් ෆ්ලේයිම් හොල්ඩරය නැත හොත් ඉන්දන විදිනයන් දැකගත හැක.මෙම ඉන්දන විදිනයන් වළල්ලක් ආකාරයෙන් පිහිට ඇත.ඉන් අනතුරුව දැවුණු වාතය අධි පීඩන තලබඹරය වෙත යොමු වෙයි .










  • අධි පීඩන තලබඹරය -HIGH PRESSURE TURBINE


දහන කුටීරය තුලින් පිටවන වාතය ප්‍රථමයෙන් මුණ ගැසෙන්නේ අධි පීඩන තලබඹරයයි.මෙම තලබඹරය ද ස්ථර කිහිපයක් විවිධ එන්ජින් නිෂ්පාදන තුල දැකිය හැක.මෙම තලබඹරයට සවිවී ඇති ග්‍රමන අක්ෂදණ්ඩ DRIVE SHAFT මගින් පිඩකය COMPRESSOR කරකවනු ලබයි.ඉන්පසු එම වාතය අඩු පීඩන තලබඹරය වෙත ගමන් කරයි. 


  • අඩු  පීඩන තලබඹරය -LOW PRESSURE TURBINE   
  • අධි පීඩන තලබඹරය හරහා පැමිණි වාතය අඩු පීඩන තලබඹරය හරහා ඉන්පසු ගමන් කරයි.මෙම තලබඹරය ද ස්ථර කිහිපයකින් විවිධ එන්ජින් නිර්මාණ තුල දැකිය හැක.මෙම තලබඹරය ද අක්ෂ දණ්ඩක් මාර්ගයෙන් පිඩකයක් හා සම්බන්ද කර එමගින් එම පිඩකය සදහා අවශ්‍ය බලය ලබාදෙන එන්ජින් නිර්මාණ දැකිය හැක.මෙම අක්ෂදඩු අනුවද එන්ජින් වර්ග කර ඇති අතර ඒ පිළිබද ඉදිරියේදී විස්තර කර ඇත.    

    • පිටාර නොසලය -EXHAUST NOZZLE


     අඩු පීඩන තලබඹරය හරහා පැමිණෙන අධි පීඩන වාතය පිටාර නොසලය මගින් අවට වායු ගෝලයට මුදා හැරෙයි.මෙම නොසලය විවිද හැඩයන්ගෙන් නිපදවා ඇත.තවද නොසලයේ විවරය සිරු මාරු කළහැකි ලෙසද නිපදවා ඇත.මේ නොසලය ද පිටව යන අධි පීඩන දැවුණු වාතයෙහි වේගයට බල පාන බැවින් එන්ජින් නිර්මාණ කරුවන් මෙම නොසලය ගැනද වැඩි අවදානයක් යොමුකරයි. 

    • AFTERBURNERS 

     AFTERBURNER කියන්නේ ඇත්තටම ජෙට් එන්ජිමක අවසානයේ සවිකරනලද  FLAME HOLDER නම් කොටසක් මගින් දහනකුටිරය තුලදි දහනයවී ටර්බයිනය හරහා පැමිණෙන වාතයට අමතර ඉන්දන විදීම සිදු කිරීම මගින් අමතර තෙරපුමක් ලබා ගැනීමයි.එමගින් ගුවන් යානය අධි වේගයකින් පියාසර කල හැක.මෙහිදී එම විදින ඉන්දන එනිජ්ම අග කොටසෙහි දහනය වන අතර එය එන්ජිමෙන් බැහැරටද ගිනි දළු ලෙස විහිදෙයි.පහත රුපය මගින් එය මනාවට පෙන්නුම් කරයි.මෙහිදී ඉන්දන අධික ලෙස පරිබෝජනය වන බැවින් සැම විටම බාවිතා නොකරයි. කෙටි දුරකින් ගුවන් ගත කිරීමට ක්ෂණික යානය හැසිරවීමට බාවිතා කරයි.AFTERBURNER සහිත එන්ජින් බහුලව බාවිතා වන්නේ යුධමය කටයුතු සදහා බාවිතාකරන ගුවන් යානා සදහාය.

                               AFTERBURNERS බාවිතා කර ගුවන් ගතවන ප්‍රහාරකගුවන් යානයක් 




    FLAME HOLDER පරික්ෂාව සිදුකරන ගුවන් යානා කාර්මිකශිල්පියෙක් 

    1.TURBO JET ENGINE  

     TURBO JET එන්ජිම  කොටස් දෙකකින් යුක්තයි.එනම් AFTER BURNING සහිත සහ ආෆ්ටර් බ්‍නින් රහිත ලෙසය.මෙම එන්ජින් දෙක අතර ඇති විශේෂත්වය නම් සාමාන්‍ය TURBO JET එන්ජිමටම ඉහත අපි කතා කරන ලද FLAME HOLDER සවි වීම පමණි.එම නිසා එම එන්ජින් ටිකක් දිගින් වැඩි වෙයි.තවද එන්ජිම මගින් ඇති කරන තෙරපුමද වැඩි වෙයි. උදාහරණයක් ලෙස ලොව සුපතල කොන්කෝඩ් ගුවන් යානයේ සවිකර ඇති රෝල් රොයිස් සමාගමේ නිෂ්පාදිත OLYMPUS 593 නම් වූ එන්ජිම 32000LBF සිට 38050LBF දක්වා තෙරපුම් බලයක් ආෆ්ටර් බ්ර්න බාවිතය මගින් ලබා ගනී.




    ජෙට් එන්ජිම ආෆ්ටර් බර්නින් සහිත





    • TURBOPROP JET ENGINE


     මෙහි විශේෂත්වය නම් සාමාන්‍ය ජෙට් එන්ජිමටම ගියර පෙට්ටියක්GEARBOX හා ROTOR/PROPELLER අවර පෙති සවි වීමයි.මෙහි ජෙට් එන්ජිම මගින් සිදුකරනුයේ මෙම අවර පෙති කර කැවිම සදහා බලය නිපද වීමයි.මෙම එන්ජින් මගින් තෙරපුම් බලය ඇති කරනුයේ අවර පෙත්ත කර කැවීම මගින් අතර ජෙට් එන්ජිම මගින් පිටවන පිටාර වායුව මගින් තෙරපුම් බලයක් ඇති නොවන තරම් ය.ජෙට් එන්ජිම තත්පරයට වට 30000 පමණ වේගයකින් කර කැවෙන නිසා එම වේගය ගියර පද්ධතියක් මගින්  තත්පරයට වට2000 පමණ අඩු කර අවර පෙත්ත සදහා ලබාදෙයි.මෙවැනි එන්ජින් බාන්ඩ ප්‍රවාහනය කරන ගුවන් යනා වල බහුලව දැකිය හැක.මෙම අවර පෙති සහිත එන්ජින් වල කාර්යක්‍ෂමතාවය 700KM/H සිට 800KM/H දක්වා උපරිම වේගයන් සදහා සිමා වන නිසා ඊට අඩු වේගයන් සහිත ගුවන් යන සදහා මෙවැනි එන්ජින් බාවිතාකරයි.

    • TURBOPROP ROTOR ON COMPRESSOR SHAFT 


    මෙම එන්ජින් වල විශේෂත්වය නම් තනි ග්‍රමන දණ්ඩක් සහිත වන අතර තල බඹරය ට සම්බන්ද මෙම දණ්ඩ මගින් පිඩකය හා අවර පෙත්තට සබැදි ගියර පෙට්ටියද කර කවනු ලබයි.ඉහත රුපය මගින් එය දිස් වෙයි.  



    • TURBOPROP ROTOR DRIVEN BY FREE TURBINE



    මෙම එන්ජිමේ විශේෂත්වය නම් ග්‍රමන අක්ෂ දඩු දෙකක් හෝ තුනක් ඇති අතර ඊ ට අමතරව FREE TURBINE ලෙස අමතර තල බඹරයක් ඇති අතර එයට සම්බන්ද  ග්‍රමන අක්ෂ දණ්ඩක් මගින් අවර පෙත්තට සබැදි ගියර පෙට්ටිය කර කවනු ලබයි.එම එන්ජිමක අභ්‍යන්තර සැකැස්ම මෙම රුපය මගින් දැක් වෙයි. අනිත් එන්ජිමට සාපේක්ෂව මෙම එන්ජිම පණගැන්වීමට අඩු ශක්තියක් වැය වෙයි.මන්ද මෙහි අමතර තල බඹරය තනිව ක්‍රියාකරන නිසා එනම් යාන්ත්‍රිකව අනිත් තල බඹර හා පිඩක අතර සම්බන්දයක් නැති වීම නිසා එන්ජිම පන ගැන්වීමේදී අවර පෙත්ත ක්‍රියානොකරන බැවිනි.


    මෙම රුපය මගින් දැක වෙන අවර පෙත්තෙහි මුහුණත සීරුමාරු කලහැකි බැවින් ඇතිකරනු ලබන තෙරපුම සීරුමාරු කල හැක.එමගින් ගුවන් යානයෙහි වේගය පාලනය පහසු වන අතර එන්ජිම වේගය නියතව පැවතීම මගින් ඉන්ධන  කාර්යක්‍ෂමතාවය ඉහල යයි.මෙම අවර පෙත්තෙහි උපරිම වේගය තත්පරයට වට 860 කි. මෙම  EUROPROP TP400 එන්ජිම AIRBUS A400M ATLAS ගුවන්යානය සදහා නිර්මාණය කර ඇත.

    EUROPROP TP400 එන්ජිම 



    • TURBOSHAFT JET ENGINE









    මෙම එන්ජිම ඉහත අපි කතාකළ TURBOPROP එන්ජිමෙහි ක්‍රියාවලියට මුලිමනින්ම සමාන කම් දක්වන අතර,මෙම එන්ජින් බහුලව හෙලිකොප්ටර් සදහා හා විශාල ගුවන් යානාවල පනගැන්වුම් පද්ධති AUXILIARY POWER UNIT සදහා ද යොදා ගනී.මෙම TURBOPROP එන්ජිම සහ TURBOSHAFT එන්ජිම අතර දැකිය හැකි ප්‍රධාන වෙනස නම්  TURBOPROP  එන්ජිම සහ එහි රෝටරය එක ඒකකයක් ලෙස දැකිය හැක.  නමුත් TURBOSHAFT   එන්ජිම වෙනමම පිහිටා ඇති අතර ග්‍රමන අක්ෂ දඩු මගින් එකිනෙක සම්බන්ද ව පවතයි.  




    • UNDUCTED PROP FAN


    UNDUCTED PROPFAN JET ENGINE මෙම වර්ගයේ එන්ජින් SINGLE PROPELLER සහ COUNTER ROTATING PROPELLER ලෙස වර්ග වන අතර මෙම අවර පෙත්ත සමාන්‍ය ජෙට් එන්ජිමකින් කරකවන අතර එම අවර පෙති බාහිරට නිරාවරණය වී ඇත.එන්ජිම මගින් ඇතිකරන තෙරපුමෙන් 80% වඩා අවර පෙත්ත මගින් ලබාදෙයි.

    SINGLE PROPELLER FAN 

     මෙ ඔබ දකින්නේ තනි අවර පෙත්තක් සහිත ජෙට් එන්ජිමකි. CBA 123 VECTOR ගුවන් යානය සතු GARRETT TPF 351 එන්ජිමයි.











                                           COUNTER ROTATING PROP FAN


    මෙහි විශේෂත්වය නම් අවර පෙති පන්ති දෙකක් සහිත විම සහ එම අවර පෙති එකිනෙක විරුද්ධ දිශාවන් වලට ග්‍රමනය වී මයි. මෙම රුපයේ දැක්වෙන්නේ ඇමෙරිකාවේ ජෙනරල් ඉලෙක්ට්‍රික් සමාගමේ නිෂ්පාදිත GE36UDF එන්ජිමයි.එය බෝයින්7J7 යානයට සවි කරන ලද්දක්.





    • DUCTED PROP FAN                              


    මෙම වර්ගයේ දී අපි ඉහත කතා කල ආකාරයටම අවර පෙත්ත සහිත එන්ජිම ආවරණය කොට නිපද වා ඇත.එමගින් අවර පෙති මගින් ඇතිවන ශබ්දය අවම කරීමට  හැකිබවයි පැවසෙන්නේ. මෙහිද SINGLE සහ COUNTER ROTATING ලෙස එන්ජින් නිෂ්පාදනය වී ඇති අතර මෙම එන්ජිමට සමාන වන TURBOFAN එන්ජින් කරලියට පැමිණීමත් සමග මෙම එන්ජ්ම වසන් වී යන ලදී. 




                                             


    • TURBO FAN ENGINE

    ටෝබෝ ෆෑන් එන්ජින් යනු මෑත යුගයේ පෙරලියක් ඇති කල එන්ජින් වර්ගයකි. වර්තමානයේ මගින් ප්‍රවාහනය කරන ගුවන්යානා සියල්ලම පහේ බාවිතා වනුයේ මෙම එන්ජින්ය.මන්ද එයත්  දැනට නිපදවා  ඇති කාර්යක්‍ෂම එන්ජිම නිසා වෙනි. ඒ සදහා විවිධ නිර්නායකයන් සපල කර ගැනීමට මෙම එන්ජිම සමත්ව ඇති බැවිනි.ඉන්දන පරිබෝජනය,ක්‍රියාකාරී හඩ,එන්ජිම මගින් ලබාදෙන තෙරපුම [බලය]සහ ගුවන් යානය දහවනය කල හැකි වේගය යන කරුණු මත පදනම් වී මෙම එන්ජින් මගී ගුවන් යනා සදහා වඩා යෝග්‍ය වී ඇත.කෙසේ වෙතත් මෙම එන්ජින් ද විවිධ නිෂ්පාදකයන් අනුව සහ ඔවුන් යොදාගෙන ඇති ක්‍රම වේදයන් අනුව එන්ජින් වර්ග රාශියක් නිපදවා ඇත. මෙම ටෝබෝ ෆෑන් එන්ජිමෙහි විශේෂත්වය නම් සාමාන්‍ය ජෙට් එන්ජිමකට විශාල FAN එකක් නැත්නම් පංකාවක් ආවරණයක් සහිතව සවි වීමයි.      

                                                  FORWARD FAN MIXED FLOW


     FORWARD FAN යනු පංකාව එන්ජිම ඉදිරි පසින් සවි වීමයි.MIXED FLOW යනු පංකාව මගින් නිකුත්වන සිසිල් වාතය හා ජෙට් එන්ජිමේ දහනය වී රත් උ වාතය පිටාර නොසලය තුලදී මිශ්‍ර වී පිට වීමයි.එමනිසා පිටාර වායු වෙහි උෂ්ණත්වය යම් තරමකට පාලනය ඇත . 


                           

    FORWARD FAN MIXED FLOW WITH AND WITHOUT AFTER BURNING


    මෙහිදී සිදුවන්නේ ඉහත කි එන්ජිමට ආෆ්ටර් බර්නරයක් සවි වීම පමණි. 












                    FORWARD FAN UNMIXED FLOW






































    මෙහිදී පංකාව මගින් නිකුත් වන වාතය හා ජෙට් එන්ජිමේ දැවුණු වාතය වෙන වෙනමම ජෙට් එන්ජිම තුලින් පිටතට පැමිණෙයි. 



                                   


                                       FORWARD FAN SPOOL ENGINE



     SPOOL යනු ග්‍රමන අක්ෂි දණ්ඩයි. දහනකුටිරයේදී දහනයෙන් පසු පැමිණෙන වාතය ටර්බයිනය මගින් එම වාතයේහි  ශක්තිය උරාගැනීම සිදුකරන අතර ටර්බයිනයට සම්බන්ද මෙම අක්ෂි දණ්ඩේහි අනෙක්පසින් සවි වී ඇති කම්ප්‍රේසරය කර කැවීම සිදු කරයි.මෙම එක් එකලසක් SPOOL එකක් ලෙස හදුන් වයි.එන්ජින් නිෂ්පාදකයා අනුව හා ඔවුන් යොදන ක්‍රම වේදය අනුව මෙම එකලස් SPOOL ප්‍රමාණය තීරණය වෙයි.SPOOL 1,2,3සහිත නිර්මාණ දැකිය හැක.පහත 2 SPOOL එන්ජිමේ LOW  PRESSURE  COMPRESSOR හා සබැදි LOW PRESSURE TURBINE යයි.එහි HIGH  PRESSURE COMPRESSOR හා සබැදි  HIGH  PRESSURE TURBINEයයි.





    ROLLS ROYCE TRENT 900 TURBO FAN WITH THREE SPOOL



    • TURBO FAN HIGH BYPASS RATIO



    මෙම එන්ජිමේ විශේෂත්වය නම් පංකාව මගින් ඇති කරනු ලබන තෙරපුම ජෙට් එන්ජිම මගින් ඇති කරන තෙරපුමට වඩා වැඩි වීමයි.එවැනි එන්ජින් HIGH BYPASS RATIO ලෙසද ජෙට් එන්ජිම මගින් ඇති කරන තෙරපුම පංකාව මගින් ඇති කරන තෙරපුමට වැඩ වැඩි එන්ජින් LOW BYPASS RATIO එන්ජින් ලෙස වර්ග කෙරෙයි.මෙහිදී HIGH BYPASS RATIO   එන්ජින් ඉහත අපි කතා කල ස්පූල් 1,2,3                                                                             ලෙස යොදාගනිමින් එන්ජින් නිපදව ඇති                                                                                අතර ඒ අනුවද එන්ජින් වර්ග කෙරේ. 


        HIGH BYPASS RATIO GEARED AND UNGEARED FAN

    මෙම පළමු වන රුපයේ දැක්වෙන්නේ GEARED FAN එන්ජිමකි.එනම් පංකාව සම්බන්ද වන්නේ ගියර පද්ධතියක් හරහාය,එමගින් ටර්බයිනය අධි වේගයෙන් කරකවන අක්ෂ දණ්ඩ ට සබැදි මෙම පංකාවෙහි  වේගය අඩු කිරීම සිදුකරයි. මෙලෙස ගියර පද්ධතිය හරහා සම්බන්ද වන පංකා සහිත එන්ජින් GEARED FAN එන්ජින් ලෙස හදුන් වයි.මෙහි ඇති වාසියක් ලෙස නිෂ්පාදකයන් පෙන්වා දෙන්නේ ටර්බයිනය හා කොම්ප්‍රෙසරය අධි වේගයෙන් කැරකිම මගින් එන්ජිමෙහි කාර්යක්‍ෂමතාවය ඉහල යාමයි.UNGEARED  FAN එන්ජින් වලදී එලෙස සවිවන  ගියර පද්ධතියක් දැකිය නොහැක. පහත රුපයේ ආකාරයට කෙලිම SPOOL හරහා ට්ර්බයිනයට සවි වෙයි.



    LOW BYPASS RATIO WITH AND WITHOUT AFTERBURNING

    අපි ඉහත කතා කල ආකාරයට LOW BYPASS RATIO එන්ජින් යනු ජෙට් එන්ජිම තුලින් ගමන් කරන වාතය පංකාව මගින් පිටවන වාතයට වඩා වැඩි වීමයි.මෙම එන්ජිමට ආෆ්ටර් බ්ර්නර සවිකර සහ සවි නොවීම මත එන්ජින් වර්ග කරයි.පහත රුප දෙක මගින් එහි නිර්මාණය දැක්වෙයි.වාර්තා මානයේ ප්‍රහාරක ගුවන්යානාවල බහුලව යොදා ගනුයේ මෙම ආෆ්ටර් බ්ර්නර සහිත එන්ජින් වන අතර මන්දයත් සාමාන්‍ය ජෙට් එන්ජිමට වඩා මෙම එන්ජින් ඉන්දන කාර්යක්ෂමතාවය ඉහල බැවිනි. 

    LOW BYPASS RATIO WITHOUT AFTERBURNING

    LOW BYPASS RATIO WITH AFTERBURNING

    • AFTER FAN TURBO FAN ENGINE 


    මෙම එන්ජින් වල පංකාව එන්ජිම අවසානයේ නැතහොත් පසුපසින් සවිවෙයි.මෙවැනි එන්ජින් එතරම් ජනප්‍රිය නොවීම නිසා බහුලව නිෂ්පාදනය නොඋනි.පහත රුපය මගින් එවැනි එන්ජිමක සැකැස්ම අද්‍යනය කරමු.


    GE-CF700 AFTER FAN ENGINE



    මෙම ලිපිය මගින් ජෙට් එන්ජින් සහ එහි විකාශනය පිළිබද යම් අවබෝධයක් ඔබට ලබාදීමට මා ''මිකැනික් ''හට හැකි ඌවායෑයි සිතමි.කෙසේ වෙතත් අපි ඉහත කතාකළ එන්ජින් වර්ග වලින්  වර්තමානයේ බෙහෙවින් ජනප්‍රිය සහ නිෂ්පාදනය කරනු ලබන එන්ජින් වර්ග කිහිපයකි.අප ඉහත හැදෑරු සමහර එන්ජින් නිෂ්පාදනය උයේ ඉතා සුළු ප්‍රමාණයකි.සමහර එන්ජින් ව්ද්‍යාගාර වලට පමණක් සිමා උනි.ඒ සදහා විවිධ හේතු මුල් විය.කෙසේ වෙතත් වර්තමානයේ නවීන විද්‍යාව සමග ජෙට් එන්ජින් නව මාවතකට යොමු වී ඇත.මිනිසාට හෝ දුරස්ථ පාලක ගුවන්යානා වලට ශබ්දයේ වේගය අබිබවා පියාසර කලහැකි එන්ජින් නිෂ්පාදනයට පර්යේෂණ දියත් කර ඇත.එහි ප්‍රථිපල ලෙස ශබ්දයේ වේගය මෙන්  හත් අට ගුණයක් අබි බවා පියාසර කල හැකි යනා දැනට අත්හදා බලා ඇත.තවද ලොවට නව ජෙට් එන්ජින් සංකල්ප බිහිවී ඇත.උදාහරණ ලෙස RAMET,SCRAMJET,PULSEJET දැක් විය හැක.එම එන්ජින් හා මිනිසාගේ ශබ්දයේ වේගය තරණය පිළිබද තොරතුරු ඇතුලත් ''ජෙට් එන්ජිම''ගැන ඔබ නොදත් තොරතුරු -2 ලිපිය මගින් ඉදිරිපත් කරන්නෙමු.......... 


    අව්රුද්දක් විතර මේ පොස්ට් එක draft එකේ තිබිල තමයි ටික ටික ලියල ඉවර කරගත්තේ,මෙම ලිපිය පිළිබද ඔබගේ අදහස් හුදහස් හා යෝජනා මා ඉතා අගය කරන්නෙමු.



    ''ජෙට් එන්ජිම''ගැන ඔබ නොදත් තොරතුරු -2


    1 comment:

    1. කියන්න වචන නෑ අයියෙ ❤👍
      පුළුවන්නම් Supersonic Jet ගැනත් Article එකක් දාන්න...
      Good Luck ! ! !

      ReplyDelete