Saturday, August 3, 2013

ප්‍රතිරෝධක-RESISTOR











  • ප්‍රතිරෝධ හැදින්වීම 
ජෝජ් සයිමන් ඕම්  
ජෝජ් සයිමන් ඕම් [1789.3.16-1854.7.6 ]නමැති ජෙර්මන් ජාතික විද්‍යාඥයා විසින් නව විද්‍යාත්මක සංකල්පයක් ලොවට හදුන්වා දුන් අතර ඔහුට ගරු කිරීමක් ලෙස එය ''ඕම් ගේ නියමය'' ලෙස  ප්‍රකාශයට පත්විණි.


''සන්නායකයක දෙකෙලවර විභව අන්තරය සන්නායකය තුල ගලන ධාරාවට අනුලෝමව සමානුපාතික වේ''

I = \frac{V}{R} \quad \text{or}\quad V = IR \quad \text{or} \quad R = \frac{V}{I}.

1827 දී ඔහු මෙම නියමය ලොවට ප්‍රකාශ කල අතර 1839 දී පමණ එම නියමය සම්මත උ අතර 1881 පැරීසියේ විදුලිය සදහාවන අන්තර්ජාතික සමුළුවේදී ග්‍රීක අක්‍ෂරයක් වන 'ඔමේගා ' ''Ω''ප්‍රතිරෝධයෙහි ඒකකය ලෙස සම්මත කරන ලදී.






  • 1                 =1  Ω
  • 1000Ω       =1 K Ω
  • 1000K Ω    =1 M Ω

  • ඕම් ගේ නියමය ආකාර තුනකින් ඉදිරිපත් කල හැක. 



මෙම පරිපථයෙන් දැක්වෙන්නේ පරිපථයක ගලන ධාරාව සහ ප්‍රතිරෝධය දන්නේ නම් එම පරිපථ යේ විබවය ඕම් නියමය බාවිතයෙන් සොයාගන්නා ආකාරයයි.එමගින් මෙම රාශීන් A,V ,  Ω,අතර අන්‍යෝන්‍ය සම්බන්දය තහවූරුවෙයි. 





මෙහිද දැක්වෙන්නේ ඕම් නියමය සනාතවන තව නිදසුනකි .පරිපථයක ලබාදී ඇති විබවය සහ ගලන ධාරාව දන්නෙහි නම් එම පථයේ ප්‍රතිරෝධය මෙලෙසින් සොයා ගත හැක. 












තෙවන පරිපථ යෙන් පැහැදිලිවන්නේ ධාරාව සොයාගන්නා ආකාරයයි.එමගින් පරිපථයක විබවය හා ප්‍රතිරෝධය දන්නෙහි නම් පරිපථය තුලින් ගලන ධාරාව ජෝජ් සයිමන් ඕම් මහතා සොයාගත් ධාරාව,ප්‍රතිරෝධය,විබවය යන රාශීන් අතර පවතින අන්‍යෝන්‍ය සබදතාවය මගින් ධාරාව සොයාගන ආකාරයයි.


  • ප්‍රතිරෝධය ගණනය කිරීම 

  1. ශ්‍රේණිගත ආකාර 
  2. සමාන්තර ගත ආකාර

    ප්‍රතිරෝධ මුලික වශයෙන් පරිපතයකට සම්බන්ධ වන ආකාර දෙකකි. එනම් ශ්‍රේණිගත හා සමාන්තර ගත ලෙස පමණි.නමුත් පරිපථයක මෙම ආකාරදෙකම යෙදෙන අවස්ථා ඇති අතර එසේඋවද  ප්‍රතිරෝධය ගණනය කිරීම ඉහත ක්‍රම දෙකමගින් එය ද ගණනය කරනුලබයි.



    මෙම ක්‍රමය අනුව ප්‍රතිරෝධ සම්බන්ද වන ආකාරය මෙම රුපයෙන් පැහැදිලිවෙයි. මෙහිදී විශේෂත්වයනම් මෙම පරිපථය හරහා එකම ධාරාවක් ගමන් කරයි.ඒවාගේම ප්‍රතිරෝධ වල දෙකෙළවර විබවයන්ද වෙනස් වෙයි. 



    එම ගුණය නිසා විබව විබෙදුම් පරිපථ නිර්මාණයකල හැක.මෙම රුපයෙන් දැක්වෙන්නේ ශ්‍රේණිගත ලෙස ප්‍රතිරෝධ සම්බන්ද පථයක ප්‍රතිරෝධය ගණනය කරුනුලබන ආකාරයයි. අප පරිපථයක් නිර්මාණය කිරීමේදී  අපට අවශ්‍ය ප්‍රතිරෝධ අගයන්ගෙන් යුත් ප්‍රතිරෝධ සොයාගත නොහැකි අවස්ථාවන් වලදී ශ්‍රේණිගත ලෙස ප්‍රතිරෝධ දෙකක් සම්බන්ද කර එම අගය පහසුවෙන් සාදා ගත හැක.ශ්‍රේණිගත ලෙස ප්‍රතිරෝධ සම්බන්ද වීම මගින් ප්‍රතිරෝධ අගයන් අකතුවීම නිසා ප්‍රතිරෝධි අගය වැඩිවෙයි.


    මෙම රුපයෙන් දැක්වෙන්නේ සමක ප්‍රතිරෝධය
    600Ω සහ විබවය 12V ඕම් නියමයට ආදේශ කර පරිපථය හරහා ගලන ධාරාව සොයාගන්නා ආකාරයයි.ඉන්පසුව එම දත්තයන්  වෝල්ටීයතා විබෙදුම් සුත්ත්‍රයට ආදේශ කිරීම මගින් R1 ප්‍රතිරෝධය හරහා විබවය සොයාගෙන ඇත.මෙලෙස පරිපථයේ අනෙත් ප්‍රතිරෝධ අග්‍ර අතර පවතින විබවයන් හා පථයේ ඔනැම තැනක පැවතිය හැකි විබවයන් දක්වා ඇත.

                      මෙම පහත ආලෝක සංවේදී ස්වයංක්‍රීය පරිපථය ද ක්‍රියා කරනු ලබන්නේ ඉහත අපි සාකච්චා කල වෝල්ටීයතා විබෙදුම් ගුණය සහ ප්‍රතිරෝධ වලපවතින සුවිශේෂී ගුණයන් උපයෝගි කරගනිමිනි.[ආලෝක සන්  වෙදී  ප්‍රතිරෝධ,L D R] 


























  • සමාන්තර ගත ප්‍රතිරෝධ 




  • සමාන්තර ගත ක්‍රමයේදී ප්‍රතිරෝධ සම්බන්ධ  වන ආකාරය මෙම රුපයෙන් පැහැදිලි වන අතර ඒහිදී ප්‍රතිරෝධයන් දෙපස පවතින විබවය සමාන වන අතර එක් ඒක් ප්‍රතිරෝධ හරහා ගලන ධාරාව වෙනස් වෙයි.තවද ප්‍රතිරෝධී අගය අඩුකරගත හැකි අතර පරිපථයක්   


    සැදීමේදී අපට අවශ්‍ය ප්‍රතිරෝධ නොමැති වේලාවන් වලදී මෙම ක්‍රමය බාවිතයෙන් වැඩි ප්‍රතිරෝධී අගයන්ගෙන් යුත් ප්‍රතිරෝධ දෙකක් එකතු කර කුඩා ප්‍රතිරෝධයක් සාදා ගත හැක.පහත රුපයෙන්   එබව සනාථවෙයි.

    RT= 54.5Ω


    මුළු පරිපථය හරහා ගලන ධාරාව Iනිසා,IS යනු ප්‍රතිරෝධ සියල්ල හරහා ගලන ධාරාවෙහි එකතුව වන අතර R1,R2,R3 හරහා ගලන ධාරාව වෙන වෙනම ලබාගෙන පසුව I1,I2,I3 සියල්ලෙහි එකතුව 0.22Aලෙස දක්වා ඇත.තවද සමක ප්‍රතිරෝධය සොයාගත් නිසා එමගින්ද ඕම් ගේ නියමය මුළු පරිපථයටම යෙදීමෙන් ද  IS  සොයාගත හැක.

    • මුලික ප්‍රතිරෝධ වර්ගීකරණය 

    1. ස්ථිර ප්‍රතිරෝධක                              2.   විචල්‍ය ප්‍රතිරෝධක
                                                  1.ස්ථිර ප්‍රතිරෝධක

    මෙම ප්‍රතිරෝධ වල විශේෂත්වය නම් ප්‍රතිරෝධය නිෂ්පදනයේදීම යම් නාමික අගයකටම නිපද වීමයි.නිදසුනක් ලෙස 150Ω නාමික අගයෙන් යුත් ප්‍රතිරෝදයක ප්‍රතිරෝධී අගය 150Ωවෙයි.එම අගය වෙනස් කිරීමට නොහැක. ස්ථිර ප්‍රතිරෝධ යෙහි සංකේතය මෙහිදී ඔබට දැක ගැනීමට හැක.පරිපථ තුල මෙලෙසින් කේතනය කර ඇත්තේ ස්ථිර ප්‍රතිරෝධයන්ය.


                                     2.  විචල්‍ය ප්‍රතිරෝධක


    මෙම රුපයෙන් දැක්වෙන්නේ  විචල්‍ය ප්‍රතිරෝධයෙහි සංකේතයයි.මෙහි ප්‍රතිරෝධය සීරුමාරු කල හැකි අතර සිරුමාරු කිරීමේ ක්‍රමය අනුව ප්‍රතිරෝධ වර්ගීකරනයවෙයි.නිදසුනක් ලෙස [perset]ප්‍රිසෙට්,[potentiometer] පොටෙන්ශෝමීටර්,[rheostat]වෙරියබල් රෙසිස්ටර ලෙසය.







    • ප්‍රතිරෝධ ක්‍රමාංකනය 
     ප්‍රතිරෝධයන්හි  ප්‍රතිරෝධී අගය දෑන ගැනීමට විවිධ ක්‍රම යොදා ඇත.ඉතා සුලබ සහ ප්‍රචලිත ක්‍රමයක් ලෙස වර්ණ වළලු කේත ක්‍රමය දැක විය හැක.ප්‍රතිරෝධ විවිධ ප්‍රමාණයන්ගෙන් හා විවිධ හැඩයන්ගෙන් යුත් නිසා පහසුවෙන් අගය හදුනා ගැනීම සදහා මෙම උපක්ක්‍රරම යොදා ඇත. 
    වර්ණ වළලු කේත ක්‍රමය
            මෙම ක්‍රමය බාවිතා වන්නේ සිලින්ඩර ආකාරයෙන් යුත් කුඩා ප්‍රමාණයේ ප්‍රතිරෝධ සදහාය.වර්ණ වළලු වල වර්ණ සදහා ගණිතමය ආදේශනයක් යොදා අහි අගය හදුනා ගැනේ.මෙහිදී වර්ණ වළලු 4,5,6, ලෙස ආකාර කිහිපයක් දැනට බාවිතයේ ඇත. 
     අගය සටහන් කිරීම
    මෙම ක්‍රමය බාවිතා වන්නේ ප්‍රමාණයෙන් විශාල ප්‍රතිරෝධ සදහාය. එහිදී ප්‍රතිරෝධයේ අගය වොට් අගය පවා සටහන් කරයි.
                                                                අංක කේත ක්‍රමය 
     මෙම ක්‍රමය කුඩා ප්‍රමාණයේ එක මතුපිටක් පමණක් පෙනෙන ප්‍රතිරෝධ සදහා බාවිතා කරයි. [SURFACE MOUNT]

    මෙම අංක ක්‍රමයද ආකාර කිහිපයක් ඇත.අංක 3 ,4 සහ ඉංග්‍රීසි අකුර සමග ලෙසය.







      *  වර්ණ වළලු කේත ක්‍රමය*




    වර්ණ වළලු 4 කේත ක්‍රමය 
    මෙහිදී  පලවන දෙවන වළලු වල අගයන් ඒලෙසින්ම ආදේෂකරන අතර තුන්වන වර්ණ යේ අගය මත එකතුකරන බින්දු ගණන හෝ දහයෙන් හෝ සියියෙන් බෙදනු ලබයි.උද -කහ,දම්,රතු,ගෝල්ඩ් නම් උ ප්‍රතිරෝධයක අගය 4 7 00 Ω-/+5 %

                                                   වර්ණ වළලු 5 කේත ක්‍රමය 


                                 වර්ණ වළලු 6 කේත ක්‍රමය 
    මෙහි 6 වන වර්ණ වළල්ලෙන් උෂ්ණත්වයේදී ප්‍රතිරෝධය වේනස් වීමේ අගය පෙන්නුම් කරයි.

























                                         අංක කේත ක්‍රමය 






































                                                *ප්‍රතිරෝධ වර්ග

    1.කාබන් පටල    2.ලෝහ පටල   3.කම්බි එතුම්    4.කාබන් සංයුක්ත
     5.ෆොයිල් රෙසිස්ට්ර්     6.සීරුමාරු ප්‍රතිරෝධ 
                                                                       1.කාබන් පටල-



    අප බහුලව බාවිතා කරන්නේ මෙම වර්ගයයි.මෙහි අගය ස්ථාවරව පැවතීම 5%සිට 20 % දක්වා වන අතර සියුම්  පරිපතයකට නොගැලපෙයි.


                                                                2.ලෝහ පටල


    මෙම වර්ගයද  බහුලව දැකගැනීමට හැකි අතර අඩු වොට් අගයන්ගෙන් යුක්ත වෙයි.















                                                      3.කම්බි එතුම්



    මෙම වර්ගයේ ප්‍රතිරෝධ වැඩි ධාරාවක් ගමන් කිරීම සදහා නිර්මාණය කර ඇත 
                                           















                                                        4.කාබන්  සංයුක්ත  





















    5.ෆොයිල් රෙසිස්ට්ර් -FOIL RESISTOR






    මෙම වර්ගයට අයත් ප්‍රතිරෝධ වල විශේෂත්වය නම් ඉතා අඩු අගය වෙනස් වීමේ ගුණයයි.එනම්  වෙනස් නොවන තරම්ය.

















                            6.සීරුමාරු ප්‍රතිරෝධ- PRESET 





                                             7.විශේෂ ප්‍රතිරෝධ 

                                                                   LDR 

    ආලෝක සංවේදී ප්‍රතිරෝධ LDR[LIGHT DEPENDENT  RESISTOR] ප්‍රතිරෝධය මතට ලැබෙන ආලෝකය මත ප්‍රතිරෝදී අගය වෙනස් වෙයි.












                                             NTC -PTC                 




    NTC -[NEGATIVE TEMPERATURE COEFICIENT]නොහොත් උෂ්ණත්වය වැඩි වන විට ප්‍රතිරෝධය අඩු වීමේ ගුණයෙන් යුතු ලෙස නිපද වා ඇත.


    PTC -[POSITIVE TEMPERATURE
     COEFFICIENT]උෂ්ණත්වය ඉහල යන විට ප්‍රතිරෝධය ද ඉහල යන ලෙස මෙම ප්‍රතිරෝධ  නිපද වා ඇත. 



    Wednesday, May 1, 2013

    ලොව සුපතල වාහනනිෂ්පාදන නාමයන් සහ නිල ලාංචන-01

                                                                                      අද අපේ මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ලොව නිෂ්පාදනය කර ඇති වාහන නිෂ්පාදන නාමයන්  BRAND NAME සහ එහි නිල ලාංචන  LOGO  ගැන පොඩි තොරතුරු ටිකක් දෙන්න.

                                                ඉස්සෙලම අපි කියන්නේ ලෝකයේ වැඩියෙන්ම අලෙවිවන මෝටර් රථ මාදිලිය කිව්වහම වැරදි නැ ඒ තමයි TOYOTA ලොව අලෙවිවන සැම වාහන පහකින් එකක්ම ටොයෝට වාහනයක් ලු..


    01.       TOYOTA-ටොයෝට






    • නිජබිම -ජපානය 
    • කාර් ,වැන් ,කැබ් ,කුඩා ප්‍රමාණයේ බස් ලොරි නිපදවයි  









    02.                MASERATI-මසරාටි





    • නිජබිම -ඉතාලිය 
    • 1914 දී ඉතාලියේ BOLOGNA නගරයේ සමාගම පිහිටුවා ඇත.අධි සුපොකබෝගී කාර් නිපදවයි. 





    03.         KOENIGSEGG


    • නිජබිම- ස්වීඩනය
    • 1994 දී ස්වීඩනයේ දී ස්පොර්ට් කාර් නිපද වීම සදහා ආරම්බ වී ඇත.





    04.                  DUCATI-  ඩුකාටි          

    • නිජබිම-ඉතාලිය
    • 1926 දී ඉතාලියේ BOLOGNA නගරය කේන්ද්‍ර කරගනිමින් සුපිරි යතුරු පැදි නිපද වීම සදහා මෙම ආයතනය පිහිටුවා අත.







    05.                       LINCOLN-ලින්කොන්                                

                                                         

    • නිජබිම -ඇමරිකාව 
    • 1917 ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ මෙම සමාගම වැඩ අරබන ලද අතර සුපිරි පන්තියට අයත් කාර් ජීප් රථ නිපදවයි.















    06         LAMBORGHINI -ලෑම්බෝගිනි

    •  නිජබිම -ඉතාලිය 
    • 1963 දී ඉතාලියේ  ආරම්බවී ඇති අතර මුලදී ට්‍රැක්ටර් නිපද උවද පසුව රේසිං කාර් නිපද වීමට මුල පුරා  ඇත.



    07.           LEXUS-ලේක්සස්

    •  නිජබිම -ජපානය 
    • 1989 දී නගොයා නගරයේ ටොයෝටා සමාගම විසින් සුපොකබෝගී කාර් නිපද වීම සදහා මෙම වෙළද නාමය යටතේ මෙම සමාගම පිහිටුවා ඇත.



    08.මයික්‍රෝ -MICRO































































    මෙම ලිපිය සංස්කරණය වෙමින් පවතින බැවින් සිදුවන අපහසුතා ගැන මිකැනික් සමාව අයදී .


    Wednesday, April 24, 2013

    වන්කල් රොටරි එන්ජිම-WANKEL ROTARY ENGINE

    Tuesday, February 12, 2013

    TOYOTA ------1GR-FE-----ENGINE SERIES


    TOYOTA -GR- කාණ්ඩය අයත් එන්ජිමේ විශේෂත්වය නම් V6 ගණයට අයත් 60°විබෙදුමක් සහිත ඇලුමිනියම් සිලින්ඩර බදකින්[Aluminum block] සහ ඩුවල් ඕවර්හෙඩ් කැම්[DOHC]  සහිත සිලින්ඩර හිසකින්[cylinder heads] හා කපාට 24 [valve] සමන්විත වෙයි.තවද VVT-i,[Variable Valve Timing-intelligent] DIS (Direct Ignition System), ACIS (Acoustic Control Induction System)සහ ETCS-i (Electronic Throttle Control System-intelligent)යන නවීන එන්ජිම් පාලන පද්ධති වලින් ද සමන් විතය. 


    තවද මෙම GR කාණ්ඩයට අයත් එන්ජින් මාදිලි මේ වෙනකොට 7 නිපදව ඇත.1GR-FE, 2GR-FE, 2GR-FSE, 3GR-FE, 3GR-FSE, 4GR-FSE, 5GR-FE. මෙම එන්ජින් බාවිතා වන රථ මාදිලි[2003–2004), Toyota Land Cruiser 2003 (Europe), Toyota Land Cruiser Prado 2003 (South Africa, Australia and Asia Pacific), Toyota Tacoma 2005, Toyota Hilux 2005 (Australia and South Africa), Toyota Tundra 2005, Toyota Fortuner 2005 and Toyota FJ Cruiser 2007

    1. Number of cycles & arrangement                : 6-Cylinder, V Type
    2. Valve mechanism                                      :24-Valve DOHC, Chain Drive (with VVT-i)
    3. Combustion Chamber                                : Pentroof Type
    4. Flow of Intake and Exhaust Gasses              : Cross-Flow
    5. Fuel System                                              : SFI
    6. Ignition System                                         : DIS
    7. Displacement                                             : 3956 (241.4) cm3 (cu. in.)
    8. Bore × Stroke                                            : 94.0 × 95.0 (3.70 × 3.74) mm (in.)
    9. Compression Ratio                                     : 10.0 : 1
    10. Max. Output                                              : 178 kW @ 5200 rpm
    11.  Max. Torque                                             : 377 NVm @ 3700 rpm
    12.  Firing Order                                              : 1 – 2 – 3 – 4 – 5 – 6
    13. Oil Capacity (Dry)                                       : 6.0 liters (6.3 US qts, 5.3 Imp. qts)
    14.  Oil Capacity (With Oil Filter)                        : 5.2 liters (5.5 US qts, 4.6 Imp. qts)
    15. Oil Capacity (Without Oil Filter)                    : 4.9 liters (5.2 US qts, 4.3 Imp. qts)
    16. Oil Grade                                                   : ILSAC
    17. Engine coolant type                                     : TOYOTA Genuine coolant 
    18. Engine coolant capacity                                : 9.4 liters
    19. Spark plug type                                           : Denso K20HR-U11/ NGK LFR6C11
    20. Spark plug gap                                            : 1.0 – 1.1 (0.0394 – 0.0433) mm (in.)
    21. Fuel octane rating                                        : 91 or higher
    22. Engine service mass                                     : 166 (366) kg (lb)                                                        

    2GR-FE


     2GR-FE  3.5 L (3456 cc)  266 hp (198 kW) to 280 hp (209 kW) at 6200 rpm with 245 lb·ft (332 N·m) to 260 lb·ft (353 N·m) of torque at 4700 rpm 



    2GR-FSE

    3.5L    Toyota's latest D4-S twin injection fuel system.. 2GR-FSE engine is rated at 309 PS (227 kW; 305 hp) at 6,400 RPM and 38.4 kg·m (377 N·m; 278 lb·ft) at 4,800 RPM



    3GR-FE

    3.0 L (2994 cc).   compression ratio of 10.5:1. Output is 170 kW (228 hp) at 6,400 RPM, and 300 N·m (221 lb·ft) at 4,800 RPM.





    3GR-FSE


      3GR-FSE engine is rated at 256 PS (188 kW; 252 hp) at 6,200 RPM and 32 kg·m (314 N·m; 231 lb·ft) at 3,600 RPM.

    4GR-FSE

     2.5 L (2499 cc). Output is 207 PS (152 kW; 204 hp) at 6,400 RPM and 26.5 kg·m (260 N·m; 192 lb·ft) at 3,800 RPM


    5GR-FE

    2.5 L (2497 cc) .compression ratio of 10.0:1. Output is 145 kW (194 hp) at 6,200 RPM and 24.7 kg·m (242 N·m; 179 lb·ft) at 4,400 RPM


    1GR-FE එන්ජිමේ සේවා අත්පොත ලබාගැනීමට පහත කොටුව තුල CLICK කරන්න 





     2GR-FE  එන්ජිමේ සේවා අත්පොත ලබාගැනීමට පහත කොටුව තුල CLICK කරන්න