වාහන නිෂ්පාදන නාමයන් හදුනාගනිමු --05
Saturday, September 29, 2012
Friday, September 14, 2012
රථ ගාය-2 සුපර්චාජර් ගැන දැන ගනිමූ
රථ ගාය-2 සුපර්චාජර් ගැන දැන ගනිමූ
- Written By Mahilal Peiris
සුපර්චාජර් ගැන දැන ගනිමූ....
මේ පාර ලිපියෙන් අපි කතා කරන්න යන්නේ සුපර්චාජර් ගැන
මම කලින් ලිපියෙන් ටර්බෝ ගැන කතා කලා , ගොඩක් අයට මතක ඇති,මේ දෙකේන්ම කරන්නේ එකම දෙයක් නිසා මම මේ පාර , මම ගොඩක්ම විස්තර කරන්නේ දෙකේ වෙනසකම් වගේ දේවල් ගැන... ඇත්තටම සෛද්ධාන්තිකව ගත්තොත් ටර්බෝචාජර් කියන්නේත් සුපර්චාජර් වර්ගයක්ම තමා.ඒත් ටර්බයින් එක යොදා ගන්න නිසා ටර්බෝචාජර් කියන වචනේ යොදාගෙන තියෙනවා.
යොමුව: ටර්බෝචාජර් ගැන දැන ගනිමූ
සුපර් චාජර් එකේ ඉතිහාසය....
මුලින්ම එන්ජිමකට මේ දේ අත්හදා බැලුවේ ඩග්ලඩ් ක්ලාක් කියන මහත්තයා.ඒ 1878 දී දෙපහර එන්ජිමකට.පස්සේ ගොටිලෙබ් ඩෙම්ලර් කියන මහත්තයා 1885 දිත් ,ලුවිස් රිනොල්ට් කියන මහත්තයා 1902 දිත් සුපර් චාජර් සදහා පේටන්ට් ලබා ගෙන තියෙනවා.
කොහොම වුනත් 1921 දි මර්සීඩීස්-බෙන්ස් සමාගම නිශ්පාදනය කරපු 6/25/40hp සහ 10/40/65 hp කියන මෝටර් කාර් මාදිලිවලින් තමා මුල්වරට සුපර්චාජර් කියන දේ කරලියට ආවේ.
යොමුව: ටර්බෝචාජර් ගැන දැන ගනිමූ
සුපර් චාජර් එකේ ඉතිහාසය....
මුලින්ම එන්ජිමකට මේ දේ අත්හදා බැලුවේ ඩග්ලඩ් ක්ලාක් කියන මහත්තයා.ඒ 1878 දී දෙපහර එන්ජිමකට.පස්සේ ගොටිලෙබ් ඩෙම්ලර් කියන මහත්තයා 1885 දිත් ,ලුවිස් රිනොල්ට් කියන මහත්තයා 1902 දිත් සුපර් චාජර් සදහා පේටන්ට් ලබා ගෙන තියෙනවා.
කොහොම වුනත් 1921 දි මර්සීඩීස්-බෙන්ස් සමාගම නිශ්පාදනය කරපු 6/25/40hp සහ 10/40/65 hp කියන මෝටර් කාර් මාදිලිවලින් තමා මුල්වරට සුපර්චාජර් කියන දේ කරලියට ආවේ.
ඇත්තටම මේ උපාංග දෙකෙන්ම බලාපොරොත්තු වෙන්නේ එකම දෙයක් . තවත් විස්තර කලොත් අපිට අපේ රථයේ එන්ජිමේ බලය වැඩිකරගන්න තියෙන එක ක්‍රමයක් තමා එන්ජිම පුලුවන් තරම් විශාල කරන එක. හැබැයි මේ ක්‍රමය ප්‍රයෝගික නෑ.මොකද එන්ජිම විශාල වැඩි වෙන තරමට රථයට එකතු වෙන බර වැඩියි. මේ නිසා මේකට තියන සරලම විසදුම තමා අපිට වාහනයකට යොදන්න පුලුවන් තරමේ , අර කිව්ව විදියට බර වැඩි වෙන්නේත් නැති එන්ජිමක් යොදාගෙන , ඒ එන්ජිමට මේ සුපර් චාජර් , ටර්බෝචාජර් වගේ දෙයක් යොදා ගන්න එක.
සුපර් චාජර් වර්ග 3ක් තියෙනවා.
මේ වර්ගවල ප්‍රධාන වෙනස ඒවා එන්ජිමේ දහන වායුව ඇතුල් කරගන්නා මැනිෆොල්ඩ් එකට වායුව ලබාදෙන විදිය කිව්වොත් නිවැරදියි.
1.රූට්ස් සුපර්චාජර්. (Roots Superchargers)
සුපර් චාජර් වර්ග 3ක් තියෙනවා.
මේ වර්ගවල ප්‍රධාන වෙනස ඒවා එන්ජිමේ දහන වායුව ඇතුල් කරගන්නා මැනිෆොල්ඩ් එකට වායුව ලබාදෙන විදිය කිව්වොත් නිවැරදියි.
1.රූට්ස් සුපර්චාජර්. (Roots Superchargers)
2.ට්වින් ස්ක්රෙව් සුපර්චාජර්. (Twin-screw Superchargers)
3.කේන්ද්‍රාපසාරී සුපර්චාජර්. (Centrifugal Superchargers)
සුපර්චාජර් ක්‍රියාකරිත්වය.....
මේ තියෙන්නේ අර මුලින් කිව්ව සුපර්චාජර් වර්ග ක්‍රියාත්මක වෙන විදිය...
මේ තියෙන්නේ අර මුලින් කිව්ව සුපර්චාජර් වර්ග ක්‍රියාත්මක වෙන විදිය...
සරලව මේ ක්‍රියාවලිය අපි දැන් බලමු.ටර්බෝ චාජරය වායුව සම්පින්ඩනය කරන්න භාවිතා කලේ ටර්බයින් එකක් කියලා දැන් මේ ලිපිය බලන අය දන්නවා. සුපර්චාජර් එකෙදි මේකට භාවිතා කරන්නේ එන්ජිමේන් ම නිපදවෙන ශක්තියයි . ඒ කිව්වේ ෆෑන් බෙල්ට් එකක් මගින් මේ සම්පීඩකය ක්‍රියාත්මක කරනවා.
උඩ රූපේ තියෙන "පුලී" pulley කියන කොටස තමා මේ බෙල්ට් එක මගින් කරකවන්නේ...
උඩ රූපේ තියෙන "පුලී" pulley කියන කොටස තමා මේ බෙල්ට් එක මගින් කරකවන්නේ...
මේ ගුවන් යානයක සුපර්චාජරයක් භාවිතා වෙන ආකාරය...
සුපර්චාජර් සහ ටර්බෝචාජර් අතර වෙනස්කම්...
ප්‍රධාන වෙනස්කම තමා සුපර්චාජර් එක ක්‍රියාත්මක වෙන්න එන්ජිමේ ශක්තිය ලබාගන්නවා ,නමුත් ටර්බෝ එක එන්ජිමේ බැහැර වෙන ශක්තිය තමා භාවිතා කරන්නේ.
සුපර්චාජර් සහ ටර්බෝචාජර් අතර වෙනස්කම්...
ප්‍රධාන වෙනස්කම තමා සුපර්චාජර් එක ක්‍රියාත්මක වෙන්න එන්ජිමේ ශක්තිය ලබාගන්නවා ,නමුත් ටර්බෝ එක එන්ජිමේ බැහැර වෙන ශක්තිය තමා භාවිතා කරන්නේ.
ටර්බෝ එකක් යොදපු වාහනයක් ධාවනයේන් පසු , ටික වෙලාවක් එන්ජිම නිදහසේ තියන්න ඕනේ කියලා මම කලින් ලිපියෙන් කිව්ව මතක ඇති. නමුත් සුපර්චාජර් එකකට එහෙම ඕනේ වෙන්නේ නැහැ. ඒ මොකද කියනවානම් සුපර්චාජරයක් , ටර්බෝ එකක් වගේ එන්ජින් තෙල් වලින්
ස්නේහනය (lubricating) වෙන්නේ නැහැ.
ස්නේහනය (lubricating) වෙන්නේ නැහැ.
ටර්බෝ එකක වගේ සුපර්චාජරයක් "ලැග්" එකක් නැහැ. ඒ කියන්නේ අපි ඇක්සලරේට පැඩලයපාගපු ගමන්ම ටර්බෝ එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද එන්ජිමේ පිටාර වායුව මගින් තමා ඒක ක්‍රියාත්මක වෙන්නේ. සුපර්චාජරයක ඒ අවුල නැහැ.
කොහොම වෙතත් සුපර්චාජරය ටර්බෝ එකකට වඩා බරෙන් වැඩි වෙන්න පුලුවන් , සහ එන්ජිමේ අමතර ශක්තියක් ඕනේ වෙන නිසා සුපර්චාජර් ගොඩක්ම භාවිතා වෙන්නේ විශාල එන්ජින්වල තමා.
සුපර් චාජර් එකත් ටර්බෝ එක වගේම අඩු RPM සහ වැඩි RPM අගයන්වලට වෙනස් වෙනවා.ඒ කියන්නේ අඩු RPM අගයන්වලට Roots , TwinScrew වර්ගයේ සුපර්චාජර් සහ වැඩි RPM අගයන්වලට Centrifugal සුපර්චාජර් භාවිතා කරනවා.
අපි දැන් ටර්බෝ-සුපර්චාජර් ගැන කතා කරපු නිසා ඊලග පාර ඉන්ටකූලර් පද්ධති ගැන කතා කරන්නයි බලාපොරොත්තුව... දැනට නවතින්නම්..
මේ ලිපි පෙල හොදයි කියලා හිතෙනවා නම් මිතුරන් එක්කත් බෙදා හදා ගන්න. ඔබේ ප්‍රතිචාරත් අපට ශක්තියක් වේවි...
මේ ලිපි පෙල හොදයි කියලා හිතෙනවා නම් මිතුරන් එක්කත් බෙදා හදා ගන්න. ඔබේ ප්‍රතිචාරත් අපට ශක්තියක් වේවි...
තව එක දෙයක් කියන්න ඕනේ මේ POST එකේ අයිතිය [ටෙක්නිකල් හංදිය http://tech-handiya.com] සතුයි. උපුල් අයියට THANKS කියන්න ඕනේ එකට. තව තාර්ක්ෂණික දේ දැනගන්න [ටෙක්නිකල් හංදිය http://tech-handiya.com]බ්ලොග් අඩවියට පිවිසෙන්න
Thursday, May 31, 2012
ටර්බෝ චාජර් "Turbocharger......1
ටර්බෝ චාජර් "Turbocharger
- රථ ගාය තියෙන අය බොහොමයක්ම අපිත් එක්ක එකතුවෙලා ඉන්නවනෙ, මේ ලිපි පෙලෙන් අපි කතිකා කරන්නේ ඒ අයට ගැලපෙන මාතෘකා කිහිපයක් ගැනයි...
මොකක්ද මේ "Turbocharger" කියන්නේ?...
අද කාලේ හැමෝම "sports" කාර් ගැන කතා කරද්දි කියවෙන වචනයක් තමා මේ ටර්බෝ කියන්නේ. ගොඩ දෙනෙක් නම් මේ ගැන දන්නව ඇති. ඒ ගොඩක් කොම්පියුටර් ගෙම්ස් වල වුනත් මේ ගැන කතා කරන නිසා වෙන්න පුලුවන්. කොහොම වෙතත් මේ ගැන මුකුත්ම දන්නේ නැති අයට පොඩි දැනුමක් ලබාදෙන්නයි යන්නේ...
ටර්බෝ එක හැදුවේ ස්විස් ජාතික ඉන්ජිනේරුවෙක්. 1905 විතර. මුල් කාලේ මේක යොදාගෙන තියෙන්නේ ගොඩක්ම ගුවන් යානාවලට , ඒ කිව්වේ දෙවන ලෝක යුද්ධ කාලේ වගේ යුධ ගුවන් යානවලට යොදාගෙන තියෙනවා. මේ තියෙන්නේ මුලින්ම , ටර්බෝ යොදාගත්ත මොටර් රථ කීපයක්...
- 1962 Oldsmobile Cutlass Jetfire
- 1962 Chevrolet Corvair Monza Spyder
- 1973 BMW 2002 Turbo
- 1974 Porsche 911 Turbo
- 1978 Buick Regal
- 1978 Saab 99
- 1978 Peugeot 604 turbodiesel
- 1978 Mercedes-Benz 300SD turbodiesel (United States/Canada)
- 1979 Alfa Romeo Alfetta GTV 2000 Turbodelta
- 1980 Mitsubishi Lancer GT Turbo
- 1980 Pontiac Firebird
- 1980 Renault 5 Turbo
- 1981 Volvo 240-series Turbo
ඇත්තටම ටර්බෝ එකක් කියන්නේ "Centrifugal compressor = කේන්ද්‍රාපසාරී සම්පීඩකය" ක් . සරලව කිව්වොත් ටර්බෝ එක කියන්නේ එක්තරා විදියක ටර්බයින් එකක් . එකේ එක කෙලවරක් , එන්ජිමේ එලියට එන පිටාර වායුවට නිරාවරනය වෙනවා. ඉතින් මේ පිටාර වායුව නිසා මේ ටර්බයිනය වේගයෙන් කැරකේන්න ගන්නව . ටර්බො එකේ අනිත් කෙලවර , එන්ජිමට දහන පෝශක වායුව ඇදල ගන්න කොටසට සම්බන්ද කරනව.මේ ඉහත 2 රූපය බලන්න .
මේ රූපේ රතු කොටස තමා පිටාර වායුවට සම්බන්ධ වෙන කොටස, නිල් කොටස එන්ජිමට වායුව ගලා එන කොටස. නිල් පාට කොටසේ තියෙන්නේ සම්පීඩකයක්. ඒකෙන් එන්ජිම ඇතුලට එන වාතය සම්පීඩනය කරනවා "" . හරිම සරලයි නිකමට හිතන්න , අපි ගාව මොකක් හරි භාජනයක් තියෙනවා , ඔන්න ඒකේ යම් කිසි වාත ප්‍රමානයක් රැදිලා තියෙනවා .අපි මේ තියෙන වාත ප්‍රමානය පුලුවන් තරම් සම්පීඩනය කරනවා , එතකොට අපිට තවත් භාජනයේ ඇතුලේ ඉඩ හැදෙනවා නේද?.. එතකොට ඕනේ නම් අපිට අර තිබ්බ ප්‍රමානයට අමතරව , තවත් වාත ප්‍රමානයක් ඇතුල් කරන්න පුලුවන් . ටර්බෝ එකෙන් එන්ජිමට කරන්නෙත් මේ වගේ උදව්වක්.
ඒ කිව්වේ එයා පුලුවන් තරම් වාතය එන්ජිමට ඇදල ගන්න උදව් කරනවා. වැඩිපුර වාතය ඇදලා ගන්නවා කියන්නේ වැඩිපුර ඉන්ධන දහනය කරන්න පුලුවන් ,ඒ වගේම හොද දහනයක්. කොහොම වුනත් මේ දෙකෙන්ම එන්ජිමට පුලුවන් වඩා කාර්යක්ශමව වැඩි බලයක් නිපදවන්න. දැන් කට්ටියට පොඩ්ඩක් වැඩේ හරි තේරුනා නම් ඒ ඇති. ටර්බෝ එකක් කියන්නේ සැහෙන වේගයකින් භ්රමනය වෙන දෙයක් , සමහර විට මේකේ වේගේ එන්ජිමේ වේගෙටත් වඩා වැඩියි.ඒ කිව්වේ 150,000 rpm ර්විතර. ඒ නිසා මේකට හානි වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. මේ නිසා ටර්බො එකේ එන්නේ සීල් කරපු ඔයිල් බෙයාරිංග් එකක්. මේ ඔයිල් බෙයාරිංග් එකේන් වැඩ දෙකක් වෙනවා.
1. ටර්බෝ එක කොටස් සිසිල් කරන එක.
2. පුලුවන් තරම් මේ කොටස් වල ඝර්ශනය අවම කරන එක.
මේ නිසා තමා කියන්නේ ටර්බෝ තියෙන වාහන ස්ටාර්ට් කරලා ටික වෙලාවක් තියන්න කියන්නේ සහ , ගමනක් ඉවර වෙලා එක පාරටම එන්ජිම නිවන්න එපා කියනේනේ... ඒ මොකද මුලින්ම ටර්බෝ එකට හොදට ඔයිල් බහින්න අවශ්‍යයි . අනිත් කාරණේ අපි එන්ජිම නිව්වත් එන්ජිමට වඩා වේගයෙන් කැරකිච්ච ටර්බෝ එක තාමත් කැරකෙනවා , එතකොට අර ඔයිල් සීල් හානි වෙන්න පුලුවන් , ටර්බෝ එකේ ටයිමර් උපකරණයක් සවි කර ගත්තොත් මේ ප්‍රශ්නේ විසදෙනව. දැං අලුත් වාහන වල නම් මේ ටයිමර්ස් එනවා.
ටර්බෝ එකේ තියෙන ප්‍රධාන අවුලක් තමයි , අපි ඇක්සලරේටරය පාගපු ගමන්ම අපිට ඕනේ බලය ලැබෙන්නේ නැති එක. මේකට කියන්නේ "Turbo-lag" එක කියලා. මේ "lag" එක අඩු කරන්න කරපු දේ තමා . පුලුවන් තරම් මේ ටර්බෝ වල "අවස්ථිතිය" අඩු කරපු එක , සරලව කිව්වොත් බර අඩු කරපු එක .එන්ජිමේ වේගය ගොඩක් අඩු වෙලාවලට පාවිච්චි වෙන්නේ පොඩි ටර්බො චාජර්ස් . නමුත් වැඩි වේගවලදි පොඩි ටර්බෝ භාවිත කිරිම කරන්න අමාරුයි.
1. ටර්බෝ එකට එන වායු පරිමාව ගොඩක් වැඩි වීම.එතකොට වැඩි බූස්ට් එකක් දෙන්න අමරුයි.2. ගොඩක් භ්‍රමන වේගේ වැඩි වීම නිසා ටර්බෝ එක හානි වීම. රුපය 3
ඒ කොහොම වෙතත් ලොකු , පොඩි ටර්බෝ දෙකක් යොදා ගන්නේ නැතුව , ගොඩක් දෙනා පොඩි එකක් විතරයි යොදා ගන්නේ. එතකොට අර මම උඩින් කිව්ව හානි වීමේ අවදානම?
ඒකට විකල්පය තමා "Waste-gate" එක. ටර්බෝ එකට එන පිටාර වායුවේ පීඩනය ගොඩාක් වැඩි නම් waste-gate ඒක අදුන ගන්නවා. එතකොට ඒ වායු කොටස ටර්බෝ බ්ලේඩ්ස් තුලින් යවනවා වෙනුවට , waste-gate එක තුලින් යවනවා. වැඩේ ගොඩ!!
ටර්බෝ ගැන කියන කොට තව දෙයක් මතක් වුනා. කට්ටිය දැකලා ඇති නේද? හොදට හදපු ඔරිජිනල් සුබාරූ "" එහෙම පාරේ යන කොට ලස්සන සද්දයක් ඇහෙනවා. ටර්බෝ එකෙනුත් සද්දයක් එනවා , ඒත් වැඩියෙන්ම ඇහෙන්නේ "Blow-off-valve" එකේ සද්දේ ප්ස්ප්ස්ප්ස්ශ්ස්... ඇහිල නැද්ද??
මම දැන් "Blow-off-valve" එක ගැන ටිකක් කියන්න යන්නේ. අපි කලින් කතා කරපු "waste -gate" එක තිබ්බේ පිටාර් වායුව එන පැත්තෙනේ , මේක තියෙනේ අනික් පැත්තේ ඒ කිව්වේ එන්ජිමට වායුව එන පැත්තේ. ටර්බෝ එකෙන් දිගටම එන්ජිමට වාතය පම්ප් කරනවනේ.. මේ එන අතිරික්ත වාතය "Throttle-body" එක වැහිල තියෙන වෙලාවට එලියට යවන එක තමා මෙයාගේ වැඩේ.
දෙයක් ඉගෙන ගත්තා නම් මිතුරන් එක්කත් මේක බෙදා ගන්න. ඔබේ අදහස් සහ යෝජනා එකත් කරන්නත් අමතක කරන්න එපා
තව එක දෙයක් කියන්න ඕනේ මේ POST එකේ අයිතිය [ටෙක්නිකල් හංදිය http://tech-handiya.com] සතුයි. උපුල් අයියට THANKS කියන්න ඕනේ එකට. තව විස්තර විතරක් නෙමේ තාර්ක්ෂණික දේ දැනගන්න [ටෙක්නිකල් හංදිය http://tech-handiya.com]බ්ලොග් අඩවියට පිවිසෙන්න.
රථ ගාය -3 ඉන්ටර්කූලර් ගැන දැනගනිමු
රථ ගාය -3 ඉන්ටර්කූලර් ගැන දැනගනිමු
2.එන්ජිමට ඉහලින් සවිවන වර්ගය...Top Mounted InterCoolers (TMIC)
මේ වර්ගය යොදන වාහන වල එන්ජින් හුඩ් එකේ ස්කූප් එකක් දකින්න පුලුවන් , වාතය මගින් ඉන්ටර්කූලර් එක සිසිල් කරන නිසා..(සුබාරු wrx/sti) මේ වර්ගය භාවිතා කරනු ලබන වාහන තමා
Subaru Impreza WRX, MINI Cooper S, Toyota Celica GT-Four, Nissan Pulsar GTI-R, Mazdaspeed3, Mazdaspeed6,
ඉන්ටර්කූලර් වායුව එකක සිසිල් කරන්න භාවිතා කරන ක්‍රම දෙකක් තියෙනවා..
අද මම කතාකරන්නේ ඉන්ටර්කූලර් ගැන , මීට පෙර අපි වාහනවල මේ ටර්බෝ සහ සුපර්චාජර් ගැන කතා කලා. ඇත්තටම මේ ලිපි තුනම එකිනෙකට සම්බන්ධයි. සමහර විට මුල පෙර ලිපි දෙක බැලුවේ නැත්නම් මේ ලිපිය පොඩ්ඩක් තේරුම් ගන්න අමාරු වෙන්න පුලුවන්.ඉන්ටර්කූලර් ගැන ඉතිහාසය...
ඉන්ටර්කූලර් මුලින්ම යොදාගෙන තියෙන්නේ ගුවන් යානාවල භාවිතයට.ගොඩාක්ම ජවාධික යුද ගුවන් යානාවලට ඉන්ටර්කූලර් යොදාගෙන තියෙනවා.
1930-1940 අතර කාලවලදි ගැරට් සමාගම B-17 ගුවන් යානාවලට ඉන්ටර්කූලර් (or after-cooler) සවි කරල තියෙනවා..
ඉන්ටර්කූලර් මුලින්ම යොදාගෙන තියෙන්නේ ගුවන් යානාවල භාවිතයට.ගොඩාක්ම ජවාධික යුද ගුවන් යානාවලට ඉන්ටර්කූලර් යොදාගෙන තියෙනවා.
1930-1940 අතර කාලවලදි ගැරට් සමාගම B-17 ගුවන් යානාවලට ඉන්ටර්කූලර් (or after-cooler) සවි කරල තියෙනවා..
ක්‍රියාකාරිත්වය...
සරලව මේ කතන්දරේ පැහැදිලි කරනවානම් , ඉන්ටර්කූලර් එකේන් කරන්නේ , එන්ජිම තුලට යන දහන පෝශක වායුව සිසිල් කරන එක.තව කියනවා නම් ටර්බෝචාජර් එකක් හරි සුපර්චාජර්
එකක් හරි තුලින් එන්ජිමට එන වාතය සෑහෙන ප්‍රමානයකට රත් වෙනවා.මේ රත් විම එන්ජිමට හරිම අවාසිදායකයි .සිව් පහර එන්ජිමක් මගින් මේ දේ පැහැදිලි කරමු.
එකක් හරි තුලින් එන්ජිමට එන වාතය සෑහෙන ප්‍රමානයකට රත් වෙනවා.මේ රත් විම එන්ජිමට හරිම අවාසිදායකයි .සිව් පහර එන්ජිමක් මගින් මේ දේ පැහැදිලි කරමු.
සිව් පහර (4 Stroke) එන්ජිමක පහරවල් 4
1. චූශන පහර (intake stroke)
2.සම්පීඩන පහර (compression stroke)
3.බල පහර (combustion /ignition stroke)
4.පිටාර පහර (exhaust stroke)
1. චූශන පහර (intake stroke)
2.සම්පීඩන පහර (compression stroke)
3.බල පහර (combustion /ignition stroke)
4.පිටාර පහර (exhaust stroke)
උඩ කතා කරලා තියෙන බල පහර තමා මෙතන මූලික වෙන්නේ ,හොද බල පහරක් ලබා ගන්න , වැඩි දහන වායූ ප්‍රමානයක් එන්ජිමට ඇතුල් කරන්න පුලුවන් . මේ සදහා භාවිතා වෙන්නේ ටර්බෝ එකයි , සුපර්චාජරයයි කියලා මම කලින් ලිපි දෙකේ කිව්වා.
නමුත් අපි මේ ඇතුල් කරන වායුව අධික සම්පීඩනය නිසා රත් වෙනවා. මේ රත් වෙච්ච වායුව නිසා අපිට එන්ජිම ඇතුලේ නිසියාකාරව බල පහර ලබා ගන්න බැහැ. වායුවක් රත් වෙන තරමට ඒකක පරිමාවක තියන්න පුලුවන් වායු අණු ගනන අඩු වෙනවා , කොටින්ම කියනවා නම් එන්ජිමට ඇතුල් වෙන වායු ප්‍රමානය අඩු වීමකට ලක් වෙනවා.. තවත් අවුලක් තමයි පිස්ටන් එකේන් වායුව සම්පින්ඩනය කරන්න කලින් වායුව රත් වෙලා ඉවරයි. ඒ නිසා "ක්නොක්" (knock) තත්වයක් ඇති වෙන්න පුලුවන් . ඒ කිව්වේ අනපේක්ශිත ලෙස දහනයක් සිලින්ඩරය ඇතුලේ වෙන්න පුලුවන්.
මේ දේ වලක්වන්න තමා ඉන්ටර්කූලර් එක වැදගත් වෙන්නේ. ඒ කියන්නේ ඒ වායුව සිසිල් කරන්න , හරියටම වාහනේ රේඩියටරය වගේමයි.නමුත් සමහර වාහන වල ටර්බෝ එක විතරක් ආපු අවස්ථාත් තිබුනා. හරියට පලාත් සභා පැජරෝ එක වගේ , ඇත්තටම ඒ වාහනවල ටර්බෝ එක යොදා ගැනිමේ නියම වාසිය ගන්න අමාරුයි.
ඉන්ටර්කූලර් වර්ග තුනක් තියෙනවා....
1. එන්ජිමට ඉදිරියෙන් සවිවන වර්ගය... Front Mounted InterCoolers (FMIC)
2. එන්ජිමට ඉහලින් සවිවන වර්ගය... Top Mounted InterCoolers (TMIC)
3. එන්ජිමට පැත්තේන් සවිවන වර්ගය... Side Mounted InterCoolers (SMIC)
1. එන්ජිමට ඉදිරියෙන් සවිවන වර්ගය... Front Mounted InterCoolers (FMIC)
2. එන්ජිමට ඉහලින් සවිවන වර්ගය... Top Mounted InterCoolers (TMIC)
3. එන්ජිමට පැත්තේන් සවිවන වර්ගය... Side Mounted InterCoolers (SMIC)
1.එන්ජිමට ඉදිරියෙන් සවිවන වර්ගය... Front Mounted InterCoolers (FMIC)
මේ වර්ගය හරියටම එන්ජිමේ රේඩියටරයට ඉදිරියෙන් තමා සවි කරන්නේ...
මේ වර්ගය භාවිතා කරනු ලබන වාහන තමා Nissan Skyline, Mazda MX-6, Mitsubishi Lancer Evolution, Saab, Volvo 200 Series
මේ වර්ගය හරියටම එන්ජිමේ රේඩියටරයට ඉදිරියෙන් තමා සවි කරන්නේ...
මේ වර්ගය භාවිතා කරනු ලබන වාහන තමා Nissan Skyline, Mazda MX-6, Mitsubishi Lancer Evolution, Saab, Volvo 200 Series
2.එන්ජිමට ඉහලින් සවිවන වර්ගය...Top Mounted InterCoolers (TMIC)
මේ වර්ගය යොදන වාහන වල එන්ජින් හුඩ් එකේ ස්කූප් එකක් දකින්න පුලුවන් , වාතය මගින් ඉන්ටර්කූලර් එක සිසිල් කරන නිසා..(සුබාරු wrx/sti) මේ වර්ගය භාවිතා කරනු ලබන වාහන තමා
Subaru Impreza WRX, MINI Cooper S, Toyota Celica GT-Four, Nissan Pulsar GTI-R, Mazdaspeed3, Mazdaspeed6,
3.එන්ජිමට පැත්තේන් සවිවන වර්ගය...Side Mounted InterCoolers(SMIC)
මේ වර්ගය භාවිතා වෙන වාහන
Toyota Supra (JZA80), Nissan 300ZX Twin Turbo, Nissan 200SX (S13/14/14a/15),
Mitsubishi 3000gt, Saab 900, Volkswagen, Audi TT, Mitsubishi Eclipse
Toyota Supra (JZA80), Nissan 300ZX Twin Turbo, Nissan 200SX (S13/14/14a/15),
Mitsubishi 3000gt, Saab 900, Volkswagen, Audi TT, Mitsubishi Eclipse
ඉන්ටර්කූලර් වායුව එකක සිසිල් කරන්න භාවිතා කරන ක්‍රම දෙකක් තියෙනවා..
එකක් තමයි පිටත පරිසරයේ එන වායුව මගින් සිසිල් (Air to Air)කරන එක , ඒකට තමා ඉන්ටර් කූලර් එක සවිවෙන තැන් පිටත පරිසරයට විවරයක් තියෙන්නේ..
Air to Air
Air to Air
අනික් ක්‍රමය තමා ජලය භාවිතා කරන එක (Air to Liquid) , මේ ක්‍රමය ගොඩාක් යොදා ගන්නවා රැලි ධාවනය වෙන මෝටර් රථවල, මේ පද්ධතිය ස්වයන්ක්‍රීය වෙන්නත් පුලුවන් නැත්නම් මැනුවල් වෙන්නත් පුලුවන්.මම ලිපි තුනක එකතුවක් විදියට තමා මේ දේවල් කතා කලේ , ටර්බෝ ,සුපර්චාජර් ගැන දන්නේ නැතුව ඉන්ටර්කූලර් ගැන දැනගන්න බැහැ, ඒ නිසා මම ඒ දේවල් මුලදීම කතා කලා...
මේ ලිපි එකතුවේ අවසානය තමා මේ... වේලාව තියෙන හැටියට තවත් මේ වගේ දේවල් ගැන කතා කරමු...
කියවලා බලලා ඔබේ අදහසුත් දීලා යන්න.
මේ ලිපි එකතුවේ අවසානය තමා මේ... වේලාව තියෙන හැටියට තවත් මේ වගේ දේවල් ගැන කතා කරමු...
කියවලා බලලා ඔබේ අදහසුත් දීලා යන්න.
තව එක දෙයක් කියන්න ඕනේ මේ POST එකේ අයිතිය [ටෙක්නිකල් හංදිය http://tech-handiya.com] සතුයි. උපුල් අයියට THANKS කියන්න ඕනේ එකට. තව විස්තර විතරක් නෙමේ තාර්ක්ෂණික දේ දැනගන්න [ටෙක්නිකල් හංදිය http://tech-handiya.com]බ්ලොග් අඩවියට පිවිසෙන්න .ලියුවේ- මහීලාල් පීරිස්
මේ තියෙන්නේ ලෝකේ වෙගයෙන්මයන කාර් එක
මේ තියෙන්නේ ලෝකේ වෙගයෙන්මයන කාර් එක
මේ තියෙන්නේ ලෝකේ වෙගයෙන්මයන කාර් එක වේගය 407 පැයටකිලෝමීටර
- නිෂ්පාදනය -Bugatti Automobiles වර්තමාන නාමය Volkswagen Group
- වාහන මාදිලිය -ස්පොර්ට් කාර් -දොර දෙක
- ෆුල් ටයිම් 4WD
- එන්ජිම -8L-පෙට්‍රල් - W16-පිස්ටෝන් 16යි. ධාරිතාවය -7993CC-
- ටුර්බෝචර්ජ්ර -4 -රේඩ්යෙටර 10
- ගියරවේග 7 කින්ද සෙමි හෝ ෆුලි ඔටෝමටික් ගියර පෙට්ටිකකින්ද
- ෆොෆොමන්ස් -0 සිට 100KMPH වේගයක් ලබාගැනීමට තත්පර 2.46 කි .
- අශ්වබල1001 hp
- දැනට වාහන 300 නිපදවා ඇත
- විඩ්යෝව මෙතනින් බලන්න
වාහන නිෂ්පාදන නාමයන් හදුනාගනිමු --02
Mercedes benz කියපු ගමන් මතක් වෙන්නේ Karl Benz නේද
Karl Benz [11-25-1844 ; 4 - 4 -1929] කිව්වහම තව එකදෙයක් මතක් වෙන්න ඕනේ ඒ තමයි ලෝකේ පළවෙනිම කාර් එක.
1879 දී තමයි අබ්යන්තර දහන පෙට්‍රල් එන්ජිමක් Karl Benz මහත්තය හදලතියෙන්නේ.ඊ ට පස්සේ ඒ කියන්නේ 1886 දී තමයි මෙම එන්ජිම බාවිතා කරලා ලොව ප්‍රථම අබ්යන්තර දහන පෙට්‍රල් එන්ජිමක් සහිත කාර් එක හදල පේටන්ට් බල පත්‍රය අරගෙන තියෙන්නේ.හැබැයි මේකේ රෝද තුනයි. Mercedes benz සමාගමේ ආරම්බය 1886 කියලතමයි සදහන් වෙන්නේ ඒ උනාට1926 දී තමයි මුල්ම වාහනය නිපදවලතියේන්නේ Mercedes benzවෙළද නාමයෙන් ඒ කියන්නේ 1886 ආරම්බවෙලා 1926 වෙනකම් Daimler-Benz වෙළද නාමයෙන් තමයි වාහනනිපදවලතියේන්නේ. Stuttgart, Germany නගරයෙහි තමයි මෙම ආයතනයේ මුලස්ථානය පිහිටුවා තියෙන්නේ.මෙම වර්තමාන Mercedes benz ආරම්බයේ Gottlieb Daimler මහත්තයත් සම්මාදම් වෙලාතියෙනවා.එකනේ Daimler-Benz නම බාවිතා කරල තියෙන්නේ.Daimler Motoren Gesellschaft.තමයි Gottlieb Daimler මහත්තයාගේ සමාගම.මේ සමාගමේත් කොටස් කරුවෝ ගොඩක් ඉදලතියෙනවා.Mercedes benz ලෙස නම යොදාගෙන තියෙන්නේ 1926 ඉදලකිව්වනේ,ඒ කියන්නේ Karl Benz මහත්තයාගේ පැත්තෙන් Benz ලෙසද Daimler Motoren Gesellschaft සමාගම Mercedes ලෙසද සම්මාදම් වී තමයි අද පවතින Mercedes benz නාමය 1926 සිට බාවිතා කරන්න.Emil Jellinek කියන්නේ Daimler Motoren Gesellschaft සමාගමේ ප්‍රධාන කොටස් අයිතිකරුවා.මෙයාගේ දුව තමයි Mercédès Adrienne Manuela Ramona Jellinek, (9 -16-1889 – 2 - 23-1929) ඒ යාගේ පලවෙනි දුව සහ ඒයා දුවට ගොඩක් ආදරේ නිසා Mercedesලෙස නම යෝජනා කරලතියෙනවා .Mercedes කියන ඒකේ තේරුම තමයි Spanish භෂාවෙන් තෑග්ග එම සමාගම කාර්,බස්, ලොරි,වැන්,හමුදා වාහන වගේ ගොඩක් වර්ග නිපදවනවා.එම සමාගම තමයි airbags /A B S වගේ ගොඩක් තාක්ෂණික දේවල් ඒ ගොල්ලන්ගේ රථ වලට මුලින්ම යොදාගත්තේ.
මේ ලිපි පෙල හොදයි කියලා හිතෙනවා නම් මිතුරන් එක්කත් බෙදා හදා ගන්න. ඔබේ ප්‍රතිචාරත් අපට ශක්තියක් වේවි...Mechanic34@ymail.com
Subscribe to:
Posts (Atom)